ජී 15 සමුළුවට ජනපති ඉරාණයේ

17 May 2010 ·


mr_iran01.jpg
අද (17) පැවැත්වෙන ජී 15 සමුළුවට සහභාගීවීම සදහා ඊ‍යේ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉරාණයට ලගාවිය. මෙම සමුළුව ඉරාණයේ අගනුවර වන ටෙහෙරානයේ ජාත්‍යන්තර ඉස්ලාම් සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භවීමට නියමිතය. ජනාධිපතිවරයා අද උදෑසන ඉ‍රාණයට ලගාවන විට ඔහු පිළිගැනීම සදහා ඉරාණ වෙළද ඇමතිවරයා ගුවන්තොටුපලට පැමිණ සිටියේය. අද සවස රාජපක්ෂ මහතා සහ ඉරාණ ජනාධිපති අහමඩින් ජාඩ් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ජී 15 කණ්ඩායමට මේවන විට රටවල් 18ක් එක්වී සිටියත් එහි නම නොවෙනස්ව පවතී මෙම කණ්ඩායම ගොඩනගනු ලැබුවේ අසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ දියුණු‍ වෙමින් පවතින රටවල් අතර සහයෝගීතාවය ගොඩනැගීමේ අරමුණෙනි. ජී 15 රටවල ලෝක ජනගහණයෙන් 1/3ක්ම වාසය කරයි. ජනාධිපතිවරයා සමඟ මෙම සමුළුවට විදේශ ඇමති ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ ලේකම් රොමේස් ජයසිංහ, සජින් වාස් ගුණවර්ධන හා අලුතින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිධූරයට පත් කළ හැරී ජයවර්ධන යන මහත්වරු සහභාගී විය.

alt

alt

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.