වර්ෂාවෙන් ලක්ෂ 05 කට වඩා අවතැන් - 18ක් මරුට

20 May 2010 ·

අධික වර්ෂාව නිසා හටගත් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වී ඇති සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා ඇති බවත් ආපදා තත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතයට පත්ව ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි, ආපදා තත්වය හේතුවෙන් නිවාස 220ක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති අතර අර්ධ හානී සිදුවූ නිවාස සංඛ්‍යාව 1,039කි. ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 179,974ක්ද, කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 154,121ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 61,755ක්ද අවතැන්වී තිබේ.

මේ අතර ජල ගැලීම් ඇතුලු ස්වභාවික ආපදාවලින් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 97,000 කට අධික පිරිසක් පිඩාවට පත්ව සිටී. ජල ගැලීම්, නායයාම්, අකුණු අනතුරු, තද සුළං ආදියේ බලපෑම රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මාතර, අනුරාධපුර, පුත්තලම, ත්‍රිකුණාමලය, මන්නාරම හා කුරුණෑගල දිස්ත්‍රික්කවලටද එල්ලවී තිබේ


alt

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.