ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසාන තරගය අද මුම්බායි ඉන්ඩියන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වේ.
මුම්බායි ඉන්දියන් පිලට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය, ලසිත් මාලිංග හා දිල්හාර ප්‍රනාන්දු ක්‍රීඩා කරති.
චෙන්නායි සුපර් කිංග්ස් පිලට ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්, තිසර පෙරේරා හා තිලාන් තුෂාර එක්ව සිටිති.
චෙන්නායි සුපර් කිංග්ස් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ පෙරේදා ඩෙකෑන් චාජර්ස් පිල ලකුණු 38 කින් පරාජය කරමිනි.
මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දෙවැනි වරටත් මේ තරගාවලියේ අවසන් මහා තරගයට පත්වීම විශේෂිතය.






0 comments:
Post a Comment