මිහින්තලා මහාසෑයේ හානිය පරික්ෂාවට කණ්ඩායමක්

25 April 2010 ·

අකුණු සැර වැදීමෙන් මිහින්තලා මහාසෑයට වු හානිය පරික්ෂා කිරිමට අද කණ්ඩායමක් පිටත් කර යවන බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.


අකුණු සැර වැදිමෙන් දා චෛත්‍ය ගර්භයට බලපෑමක් වීද යන්න පිළිබදව ප්‍රධාන වශයෙන් කරුණු සොයා බලන බව පුරා විද්‍යා කොමසාරිස් ජෙනරල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයට ඇද හැළුනු අධික වර්ෂාවත් සමග ඇති වු අකුණු පහරින් මිහින්තලා මහාසෑයේ තෙවන පේසා වළල්ලේ බටහිර ප්‍රදේශයේ අඩි 20 ක පමණ කොටසක් කැඩි‍ ගොස් ඇත.


මිහින්තලා මහාසෑයට සවිකර තිබු අකුණු සන්නායක අක්‍රියවීම හේතුවෙන් එය සිදු වූ බව මිහින්තලා රජමහා විහාරාධිකාරී පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසුහ.


වසර ගණනාවක සිට එම අකුණු සන්නායක අක්‍රිය වි ඇතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් පියවර නොගත් බවට උන්වහන්සේ චෝදනා කළහ.


ධම්මරතන හිමියන් පැවසුවේ, සෑම පොසොන් පොහෝ උත්සවයකදීම මිහින්තලා රජමහා විහාරාධිපතිහිමියන් ඒ සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කළ බවය.


මිහින්තලා මහා සෑයේ අකුණු සන්නායක අක්‍රියවිම පිළිබදව තමන්ට ඉල්ලිමක් ඉදිරිපත් වී නොමැති බව පුරා විද්‍යා කොමසාරිස් ජෙනරල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.


ක්‍රි.පු. තුන්වන සියවසේ ඉදිකළ බව සැළකෙන මිහින්තලා මහාසෑය අඩි 152 ක උසකින් යුක්ත වේ.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.