මම මාධ්‍යට එරෙහිව කුමන හෝ වරදක් කළ බව ඔප්පු වුණොත් අමාත්‍යංශයෙන් ඉල්ලා අස් වෙනවා" - මර්වින් සිල්වා

29 April 2010 ·

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා නිවැරදි බව ඔප්පු වුවහොත් සිය නව ධුරයෙන් ඉල්ලා අස් වන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. "මම මාධ්‍යට එරෙහිව කුමන හෝ වරදක් කළ බව ඔප්පු වුණොත් අමාත්‍යංශයෙන් ඉල්ලා අස් වෙනවා" නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ ක‍ළේ නව නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ සංවිධානය කර තිබූ උත්සවයකදීය.


සියලු දුක්ගැනවිලි තමන්ට ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා මෙහිදී ජනමාධ්‍යවේදීන්ට ආරාධනා කළේය. මාධ්‍යවේදීන්ගේ පැමිණිලි හා යෝජනා සටහන් කිරීමට විශේෂ කවුළුවක් මාධ්‍ය අමාත්‍යංශයේ විවෘත කිරීමට ද ඔහු ‍පොරොන්දු විය. නමුත් විශාල වැරදි ප්‍රමාණයක් කරන බව කියමින් ඔහු සිය කතාවේදී සිරස මාධ්‍ය ආයතනයට ‍චෝදනා කළේය.


එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මාධ්‍යවේදීන්ට ජංගම දුරකතනය හරහා රාත්‍රියේදී වුවත් තමන් සම්බන්ධ කර ගැනීමට පහසු වනු පිණිස සිය බිරිඳගෙන් වෙන්ව නිදාගැනීමට පවා තමා තීරණය කර ඇති බවයි.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.