එජාප අභ්‍යන්තර රහසක්

25 April 2010 ·


එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයට නුසුදුසු බව ඒත්තු ගන්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්වක බව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නොලැබීමෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ රුක්මන් සේනානායක මහතා හෙළි කර ඇත. ඒ මහතා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ කණ්ඩායමේ පිරිස් වැඩිවීමත් සමඟම මෙම අභ්‍යන්තර කුමන්ත්‍රණය ඉක්මන් වී ඇති බවයි.


එක්සත් ජාතික පක්ෂයේ ඇද වැටීමට වත්මන් නායකත්වය බලපා ඇති බව පවසා ඇති රුක්මන් ‍සේනානායක මහතා එම නායකත්වය විසින් එක්සත් ජාතික පක්ෂය සිදු කරන මෙම අපරාධ තවදුරටත් බලා සිටිය නොහැකි බවත් පවසා ඇත. එමෙන්ම තමන්ගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අය අතර මුල් ස්ථානයේ සිටින්නේ වත්මන් පක්ෂ නායකත්වය බව ද රුක්මන් සේනානායක මහතා පවසා ඇත.

නියෝජ්‍ය නායකකම හැර වෙන ඒව මට එපා - සජිත් කියයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය හැර වෙනත් කිසිදු තනතුරක් තමන්ට අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත. ඒ මහතා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අවස්ථාවකදීය.


මෙහිදී පිරිස පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට රුක්මන් සේනානායක මහතාගෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ උප සභාපති ධූරය භාර ගන්නා ලෙසයි. වත්මන් පක්ෂ නායකත්වය වහා වෙනස් වය යුතු බවත්, වත්මන් පක්ෂ නායකත්වය තිබෙන තුරු තමන්ට කිසිදු මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත නොහැකි බවත් මෙහිදී පිරිස පවසා ඇත. නමුත් ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ උප සභාපති ධූරයෙන් තමන්ට වැඩක් නොමැති බවත්, පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් මෙහා කිසිදු තනතුරක් තමන් භාර නොගන්නා බවයි.

කෙසේ වෙතත් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවී කළ රහසිගත සාකච්ඡාව පිළිබඳව මෙම පිරිස් සාකච්ඡා කර ඇති අතර, පක්ෂයේ අභ්‍යන්තර රහස් ආණ්ඩු පක්ෂය දෙනු ලබන්නේ පක්ෂ නායකත්වය විසින්ම යන චෝදනාවද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට බරපතල ලෙස එල්ල වී ඇත.


0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.