රෝහිත අබේගුණවර්ධන යනු පහත් පෙළේ දේශපාලඥයෙකු බව ඇමැති රාජිත සේනාරත්න පවසයි. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ අදහස් පැවසුවේ ඊයේ රාත්‍රී රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ නිවසට පහරදීම සම්බන්ධයෙන් රෝහිත අබේගුණරත්න අමාත්‍යවරයා විසින් කුමාර වෙල්ගම හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මාධය වෙත අදහස් දක්වමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. "ඔහුගෙ අම්මට වෙඩි තිබ්බ කියල කියනව. එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. මේක අමූලික, පට්ට, පච බොරුවක්. මෙවැනි බොරු කරන්න පුළුවන් ඒ වගේම පහත් දේශපාලඥයෙකුට විතරයි. මෙතන කුමාර වෙල්ගමවත්, මමවත් මැරවරයොවත් කිසිම දෙයක් කළේ නෑ."
මෙම පහරදීම සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා සමඟ අමාත්‍ය කුමාර වෙල්ගම අමාත්‍යවරයා ද සම්බන්ධ වූ බවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා විසින් චෝදනා එල්ල කළ අතර, මේ සම්බන්ධයෙන් අමාත්‍ය කුමාර වෙල්ගම මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කුමාර වෙල්ගම "රෝහිත අබේගුණවර්ධන මහතාගේ ගෙදරට වෙඩි තිබ්බ කියන එක, අමූලික පට්ටපල් බොරුවක්. මේක ඒගොල්ලො හදාගත්ත දෙයක්. මොකද කවුරුත් දන්නව රෝහිත අබේගුණවර්ධන මහත්තය කියන්නෙ කවුද කියන එක. අපි ගිහිල්ල එතන කරපු සාධාරණ පරීක්ෂණය වහගන්න ලැජ්ජාවට කරපු දෙයක් මිසක්, මේකෙ කිසිම සත්‍ය තාවයක් නැහැ" යනුවෙන් පැවසීය.
කෙසේ වෙතත් වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගෙන තමන්ව ජනතාව විසින් අනුමත කළ බවට පුරසාරම් දෙඩවූ රජයේ අමාත්‍යවරුන් මනාප ප්‍රතිපල ඉදිරිපත් කර දිනක් ගතවීමටත් ප්‍රථම මෙසේ එකිනෙකාට අපහාස කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසී ජනතාව පවසන්නේ එකම පක්ෂයේ එකට කටයුතු කළ නොහැකි මෙවැනි පුද්ගලයින් රටේ සංවර්ධනයට කෙසේ දායක වේද යන්න සැක සහිත බවයි.






0 comments:
Post a Comment