සනත් ජයසූරියගෙන් තවත් හයේ පහරක්

09 April 2010 ·

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මනාප ඡන්ද 74,352 ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් විය.


ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සිටියදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලොව පළමුවැන්නා ලෙසට නව වාර්තාවක් බිහිකරමින් සනත් ජයසූරිය මේ අලුත් ගමන් මඟ ආරම්භ කළේය.


මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් තරග කළ සනත් ජයසූරිය එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා ද විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් මේ මස අගදී බටහිර ඉන්දීය කොදෙව් හී පැවැත්වෙන ඕවර විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සනත් ජයසූරිය සහභාගි වීමට නියමිතය.


මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වේගවත් කිරීමට බලාපොරොත්තු පළකළ සනත් ජයසූරිය පසුගියදා ක්‍රීඩා පදනමක් ද ආරම්භ කළේය. මෙයට පෙර ක්‍රිකට් ක්‍රීඩකයන් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබුණද ඔවුන් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව එම අවස්ථාව උදාකර ගත්හ.


සනත් ජයසූරිය ටෙස්ට් තරග 110 කට හා එක්දින තරග 444 කට සහභාගි වී ශශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය අත්කර දුන් ක්‍රීඩකයෙකි. එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වසර 20 ක් සම්පූර්ණ කිරීම ද විශේෂත්වයකි.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.