ගුවන් ගමන් පිළිබද තොරතුරු වීමසීමට අංකයක්
අයිස්ලන්ත ගිනිකදු වළාව හේතුවෙන් අද දිනයේ ද කොළඹ සිට යුරෝපය බලා පියාසර කිරිමට නියමිත ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවා තිබේ.ඒ අනුව අද අලුයම 2 ට ලන්ඩන් බලා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් ගමනක් සහ අද පස්වරු 1.15 ට ලන්ඩන් බලා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් ගමනක් අවලංගු කළ බව ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සේවා කළමනාකාරිණී රොෂාණි මාසකෝරාල මහත්මිය පැවසුවාය.
ඊට අමතරව ෆ්රැන්ක්ෆර්ට් දක්වා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් ගමන රෝමය දක්වා සීමා කිරිමට සැලසුම් කර ඇති බව ඇය සදහන් කළාය.අයිස්ලන්ත ගිනි කදු වළාව හේතුවෙන් ඊයේ දිනයේද ගුවන් ගමන් වාර තුනක් අවලංගු කර තිබේ.
රොෂාණී මාසකෝරාල මහත්මිය සදහන් කළේ පවතින තත්ත්වය හමුවේ, ගුවන් ගමන් පිළිබද මගීන්ට තොරතුරු දැන ගැනීම සදහා විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇති බවය.
019-7335500 යන දුරකථන අංකය ඔස්සේ ගුවන් මගීන්ට එම මධ්‍යස්ථානයෙන් තොරතුරු විමසිය හැකි වේ.
අයිස්ලන්තයේ ගිනි කන්දක් විධාරණය හේතුවෙන් නැගෙන දුම්වළාව හේතුවෙන් මේ වනවිට රටවල් රැසක් සිය ගුවන් ගමන් අත්හිටුවා තිබේ.ඩෙන්මාර්කය, බෙල්ජියම, නෙදර්ලන්තය, ෆින්ලන්තය, ඔස්ට්‍රියාව සහ චෙක් ජනරජය සිය ගුවන් අවකාශය මුළුමනින්ම වසා දමා අවසන්ය.ඊට අමතරව බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය සහ පෝලන්තය යන රටවල් සිය ගුවන් අවකාශයෙන් කොටසක් වසා දමා තිබේ.
යුරෝපීය ගුවන් ගමන් බලධාරින් පැවසුවේ, කලාපය හරහා කෙරෙන ගුවන් ගමන් 17,000 ක් පමණ අවලංගු කර ඇති බවය.අදාළ තත්ත්වය මත මගීන් රැසකට ගුවන් තොටුපළවල සිර වී සිටිමට සිදුව තිබේ.
වෙළෙදසල් 700කට එරෙහිව නීතිමය පියවර
ඔවුන් සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනිමට නියමිත වේ.පාරිභෝගික නීති කඩ කරන වෙළෙදුන් සොයා තවදුරටත් වැටලීම් කරන බව ද අධිකාරියේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.ඒ වෙනුවෙන් දිවයින පුරා වැටලිම් කණ්ඩායම් යොදවා ඇතැයි, පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.
මැතිවරණ කොමසාරිස්ගෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියෝගයක්
පසුගිය ජනාධිපතිවරණ රාජකාරියේ නිරත ඇතැම් නිලධාරින්ට පවා මේ වන තෙක් ගෙවිම් කර නැතැයි වාර්තා වේ.පසුගිය ජනාධිපතිවරණයේ දී නිලධාරිහු හාර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් රාජකාරි කටයුතුවල නිරත වුහ.මෙවර මහ මැතිවරණය සදහා ද ඒ හා සමාන පිරිසක් රාජකාරි කටයුතු සදහා යොදාගත් බව මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළේය.
නැවත ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරණ කටයුතු අද රාත්‍රි 12න් අවසන්
අදාළ ප්‍රදේශවල මැතිවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් දී ඇතැයි, මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.ඒ අතර බල ප්‍රදේශවල පදිංචි ඡන්ද දායකයින්ට නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදා හැරීම ඊයේ ආරම්භ විය.
එය ලබන 19 වෙනිදා දක්වා ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේය.ලබන 20 වෙනිදා පැවැත්වෙන නැවත ඡන්ද විමසිමට එම මධ්‍යස්ථාන බල ප්‍රදේශවල පදිංචි පුද්ගලයෝ 51,925 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.යළි ඡන්ද විමසීම නිරික්ෂණයට විශේෂ නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇතැයි, මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළේය.
පාසල් පොත් බෑගය හේතුවෙන් ළමුන්ගේ සෞඛ්‍යයට තර්ජන
වෛද්‍යවරයා පැවසුවේ, දැනට භාවිත පාසල් පොත් බෑග් හේතුවෙන් ළමුන්ගේ සෞඛ්‍යයට තර්ජන රැසක් එල්ල වී ඇති බවය.සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඇතුළත් නව පොත් බෑගය හදුන්වාදිමට අමතරව පාසල්වලට රැගෙන යන පොත් ප්‍රමාණය අවම කිරිමේ විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් එය ක්‍රියාවට නංවනු ඇත.ඒ යටතේ පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරිම, අභ්‍යාස පොත් පිටු 80 උපරිමයක් දක්වා සිමා කිරිම ඇතුළු පියවර රැසක් ඇතුළත් වේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයක් පැවැත්වෙන ක්‍රිඩාංගණයක් අසළ බෝම්බ පිපිරුම් දෙකක්
මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගය එම පිපිරුම් සිදුවූ ස්ථානය ආසන්න ක්‍රීඩංගනයේ පැවැත්වීමට නියමිතව තිබුණි.මේ අතර ඉන්දියාව තුළ දී සටන්කාමීන්ගේ ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමරිකාව අද සිය රට වැසියන්ට අනතුරු ඇගවීමක්ද නිකුත් කර තිබුණි






0 comments:
Post a Comment