
පසුගිය ජනවාරි මස 24 වන දින සිට අතුරුදහන්ව ඇති ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතර, මේ වන විට ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සම්බන්ධයෙන්ද කිසිදු ප්‍රගතියක් නොමැති බැවින් ප්‍රගීත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හඬක් නඟන ලෙස ඉල්ලා ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හා ඔහුගේ පුත්‍රයා අද පාර්ලිමේන්තු ප්‍රවේශය අසලදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලිපියක් බෙදමින් ඉල්ලා සිටියාය. එම ලිපියෙන් ඇය මෙසේ ඉල්ලා ඇත.
ගරු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි/මන්ත්‍රීවරියනි
2010 අප්‍රේල් මස 22 වන දින පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන ඔබ වෙත කරනු ලබන කාරුණික ආයාචනයයි. ප්‍රගීත් එක්නැලිගොඩ නම් වූ මාධ්‍යවේදියා 2010 ජනවාරි මස 24 දින සිට අතුරුදහන්ව සිටී. මේ අතුරුදහන්වීම ගැන ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් නිහඬයි.
ජීවත්වීමට තිබෙන අයිතිය වෙනුවෙන් ප්‍රගීත් එක්නැලිගොඩ නම් වූ මාධ්‍යවේදියා සොයා දීමට බලධාරීන්ට බල කිරීම සඳහා ඔබේ හඬ පාර්ලිමේන්තුවේදී අවදි කරන ලෙස ඉල්ලා සිටිමු.







0 comments:
Post a Comment