ලබන 01 වැනිදා සිට ගෑස් මිල වැඩි කිරීම වෙනුවෙන් ෂෙල් ගෑස් සමාගම හා ලාෆ්ස් ගෑස් සමාගම පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති අතර, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පාරිභෝගික අධිකාරියේ මිල කමිටුව අද රැස්වීමට නියමිතය. පාරිභෝගික අධීකාරිය පැවසුවේ මේ සම්බන්ධයෙන් අද මිල කමිටුව රැස්වීමට පෙර මිල කමිටුවේ සියලු සාමාජිකයන් සමුපකාර අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමුවිය යුතු බවට නිවේදනයක් නිකුත් කර ඇති බවයි.ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ පාරිභෝගික අධිකාරිය පවසන්නේ මිල සූත්‍රයට අනුව සෑම මාස දෙකකටම වරක් සිදු වන ගෑස් මිල සංශෝධනයට අනුව ලබන මැයි මස 01 වැනි දින මිල සංශෝධනයක් සිදු වන බවයි. ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යෑම නිසා ලංකාවේ ගෑස් මිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස සමාගම් ඉල්ලා ඇති අතර, ලෝක වෙළඳපොළේ පෙබරවාරි හා මාර්තු මාසවල ගෑස් මිල ගණන් සැලකිල්ලට ගෙන පළමුවැනිදා මිල සංශෝධනය සිදු වන බවයි.
පසුගිය මාර්තු 01 වැනිදා ද ගෑස් මිල වැඩි කිරීමට ගෑස් සමාගම් විසින් පාරිභෝගික අධීකාරියෙන් ඉල්ලා සිටියද පැවැති මැතිවරණ සිතියමට අනුව ගෑස් මිල වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර නුදුන් අතර, ඒ වෙනුවට ගෑස් ආනයේදී රජය විසින් අය කළ බද්ද ඉවත් කිරීමට එවකට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කළේය. මේ අනුව රජයේ මැතිවරණ සැලසුම සාර්ථක කර ගැනීම වෙනුවෙන් රජය ගෑස් මිළේ වියදම රජයේ භාණ්ඩාගාරයෙන් දැරීය.දැන් එම මුදල යලි එකතු කර ගැනීම සඳහා ගෑස් මිල විශාල ලෙස වැඩි කළ යුතුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. වාර්තා වන අන්දමට ඒ සඳහා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400 කින් වැඩි කළ යුතුව ඇත. ඒ අනුව කෙටි කාලයක් තුළ රුපියල් 200 බැගින් දෙවරක් මිල වැඩිකිරීම සිදු කිරීමට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
නමුත් මේ වන විට ඉදිරිපත්ව ඇති සමාගම් ඉල්ලීමට අනුව ලබන 01 වැනිදා අනිවාර්යයෙන්ම ගෑස් මිල ඉහළ යනු ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.






0 comments:
Post a Comment