දිනයේ පුවත් සැකවින්

14 April 2010 ·

ඒ 9 මාර්ගයේ රිය අනතුරකින් 11දෙනෙකුට තුවාල


මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ කොක්එළිය යුධ හමුදා කදවුර අසලදී වු රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලැබුහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, ‍ඊයේ රාත්‍රි 9 ට පමණ යාපනයේ සිට මහනුවර දෙසට ධාවනය වු වෑන් රථයක් පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අදාළ අනතුර වි ඇති බවය.


සිද්ධියෙන් තුවාල ලැබුවන් වවුනියාව රෝහලට ඇතුළත් කර තිබේ.


ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද පොලීසිය පැවසීය.


අධික වේගය හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනිමට නොහැකිවීමෙන් අනතුර වී ඇතැයි, පොලීසිය පැවසීය.



අනතුරුවලට ලක් වු පුද්ගලයින් 286ක් ජාතික රෝහලට



අද උදැසන හයෙන් අවසන් වු පැය 24 තුළ විවිධ අනතුරුවලට ලක් වු පුද්ගලයින් 286 දෙනෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇතැයි, වාර්තා වේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ මහතා සදහන් කළේ, ඒඅතරින් පුද්ගලයන් 96 දෙනෙකු නේවාසික ප්‍රතිකාර සදහා ඇතුළත් කළ බවය.


අදාළ පිරිසෙන් 94 දෙනෙකු රිය අනතුරු සම්බන්ධයෙන් රෝහල්ගත කළ පුද්ගලයන් බව වෛද්‍යවරයා පැවසීය.



පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් ඉන්ධන තොගයක් සොයා ගනී



ශ්‍රි ලංකාවේ මෑතක දි සොයාගත් විශාලතම ඉන්ධන තොගය පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලිව්කේ මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එම ඉන්ධන තොගය සොයාගනු ලැබ ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේය.


පුදුකුඩුඉරිප්පු සිට කිලෝමිටර් 04ක් කැලෑබද ප්‍රදේශයේ පොළොව යට ඉතා සුරක්ෂිත ලෙස ඉන්ධන තොගය ටැංකියක ගබඩා කර සගවා තිබියදි සොයාගෙන තිබේ.


ඉන්ධන ලීටර් 2,500 කට වැඩි ප්‍රමාණයක් එහි අඩංගු බව පරීක්ෂණවල දී සොයාගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේය.



පාර්ලිමේන්තු මංගල සැසියට මුලික කටයුතු අවසන්



හත්වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ රැස්වීම සදහා අවශ්‍ය මුලික අදියරේ වැඩ කටයුතු අවසන් කර ඇතැයි, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසීය.

/images/stories/parliment.jpg

පාර්ලිමේන්තු මංගල සැසිවාරය අප්‍රේල් 22 වෙනිදා උදෑසන 8.45 ට ආරම්භ වනු ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙවර පාර්ලිමේන්තුව සදහා දැනට නවක මන්ත්‍රිවරුන් 57 දෙනෙකු තේරි පත්වී ඇති බවය.


මෙවර පාර්ලිමේන්තු ගැලරියේ අමුත්තන්ට අසුන් පැනවිමේදි මන්ත්‍රිවරුන්ගේ නියෝජිතයින්ට ලබාදෙන ආසන සංඛ්‍යාව සීමා කෙරෙනු ඇතැයි, එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සදහන් කළේය.


සාමාන්‍යයෙන් මන්ත්‍රිවරයකුගේ නියෝජිතයින් වෙනුවෙන් ගැලරියේ ආසන දෙකක් වෙන් කෙරේ.


එහෙත් මෙවර එය එක අසුනක් දක්වා අඩු කිරිමට නියමිත වේ.


නවක මන්ත්‍රිවරුන් සදහා ගැලරියේ ආසන දෙකක් වෙන් කිරිමට උපරිම අවධානය යොමු කරන බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයා සදහන් කළේය.


ඒ අතර තේරි පත් වු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සදහා ලබන 16 වෙනිදා සිට 18 වෙනිදා දක්වා පාර්ලිමේන්තු සංකිර්ණයේ විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක්ද ස්ථාපනය කෙරෙන බව ඔහු පැවසීය.


පෙරවරු 9.30 සිට සවස 3.30 දක්වා ක්‍රියාත්මක එම තොරතුරු මධ්‍යස්ථානයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියා පටිපාටිය පිළිබදවත් නවක මන්ත්‍රිවරුන්ට අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීම සදහාත් පහසුකම් සලසා තිබේ.


කථානායකවරයකු තෝරා පත්කර ගැනිම ලබන 22වෙනිදා රැස්වන හත්වන පාර්ලිමේන්තුවේ පළමු කාර්ය වේ.


ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා තෝරා පත්කර ගැනෙන අතර ඉන් පසුව මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනු ඇත.


ඒ අතර 7 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට අවශ්‍ය ආරක්ෂක කටයුතුද සම්පාදනය කෙරෙමින් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ‍එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සදහන් කළේය.



සති දෙකක් ඇතුළත ගාල්ලෙන් ඩෙංගු මරණ දෙකක්


සති දෙකක් ඇතුළත ගාල්ල නගර සීමාවෙන් ඩෙංගු මරණ දෙකක් වාර්තා වී තිබේ.


ගාල්ල, මිලිද්දුව තනෝජ් හසංක එලෙස ඩෙංගු රෝගය වැළදීමෙන් පසුගිය දිනක ජීවිතක්ෂයට පත්විය.


ලබුදුව සිරිධම්ම විදුහලේ ශිෂ්‍යයකු වු ඔහු පාසල් පැසිපන්දු කණ්ඩායමේ නායකයා ද විය.


ඒ අතර පසුගිය පළමු වෙනිදා ගාල්ල නගර සීමාවේ පිහිටි දක්ෂිණ නාවික කදවුරේ යාත්‍රා අංශයේ සේවය කළ නාවික භටයෙකු ඩෙංගු වැ
ළදීමෙන් මිය ගොස් තිබේ.


2010 වසර තුළ ගාල්ල නගර සීමාවෙන් ඩෙංගු රෝගීන් 60 දෙනෙකු පමණ වාර්තා වී ඇතැයි, ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ශ්‍රියානි ජයසුරීය මහත්මිය පැවසුවාය.



බෙලිඅත්ත සහ අම්බලන්තොට මාරක රිය අනතුරු

බෙලිඅත්ත, පල්ලත්තර හා අම්බලන්තොට ලුලුපතාන ප්‍රදේශවල දි වු රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.


අද අලුයම 1.10 ට පමණ දංමුල්ල, පල්ලත්තර මාර්ගයේ රිය අනතුරකට ලක්ව පුද්ගලයකු වැටී සිටින බවට තොරතුරක් ලද බව පොලීසිය පැවසීය.


ගල්කඩුල්ල, මුල්කිරිගල වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.


ඒ අතර අම්බලන්තොට ලුලුපතාන ප්‍රදේශයේ දි වු රිය අනතුරකින් පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබේ.


ඒ අනුව අවුරුදු සමයේ වගකීමෙන් රිය පදවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා දැනුම් දී සිටී.



බළංගොඩ සහ ආමර් වීදියේ පුද්ගල ඝාතන දෙකක්

බළංගොඩ උඩැල්ලපොළ ප්‍රදේශයේ දී පසුගිය දිනක උල් ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර තිබේ.


පොලීසිය පැවසුවේ, කාන්තාවක විසින් සිය සැමියා එළෙස ඝාතනය කරනු ලැබ ඇති බවය.


ආමර් වීදිය ප්‍රදේශයේ දී මුගුරකින් පහර දි කාන්තාවක ඝාතනය කර තිබේ.


පොලීසිය පැවසුවේ, ඇගේ සහෝදරයා විදේශ ගතව සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව ඇයට රුපියල් පහලොස් දහසක මුදලක් ලබා දි ඇති බවය.


කිසියම් පුද්ගලයකු විසින් ඇය සතුව තිබු එම මුදල් ලබා ගැනිමට ඇය ඝාතනය කරන්නට ඇතැයි, ඇගේ සහෝදරයා පොලීසියට පැමිණිලි කර තිබේ.


පොලීසිය පැවසුවේ, අද උදෑසන ආමර් වීදිය ප්‍රදේශයේ මාර්ගයක් අසල ඇය ඝාතනය කර තිබිය දි මළසිරුර සොයාගත් බවය.


එම කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

3 comments:

Anonymous said...
April 14, 2010 12:07 PM  

me sere accident tikak adui wage

Anonymous said...
April 14, 2010 12:08 PM  

Apita News Sapayanna puluwanda? mama Uk wala inne. ?

Admin said...
April 14, 2010 12:11 PM  

Sure, oyalata puluwan apita news sapayanna.
thambapanninews@yahoo.com
mekata ewanna..

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.