ජනරාල්ගේ බෑනා සොයා

27 April 2010 ·

ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වූ ධනුන තිලකරත්න මහතා සැගවී සිටින බවට තොරතුරක් ලද බව පවසමින් 27දා රහස් පොලිසිය පැය 4කට අධික කාරලයක් මිහින්තලා රාජමහා විහාරස්ථානයේ සෝදිසියක නිරත වී ඇත. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් බව පැවසෙන වරෙන්තුවක් පෙන්වමින් රහස් පොලිසිය මෙලෙස සෝදිසියේ නිරතව ඇත.


පැය 4 කට අධික කාරයක් මිහින්තලා රාජ මහා විහාරයේ අවාස ගෙය, මැද මළුව, බුදු මැදුරු, පිරිවෙන් ස්ථානය මෙන්ම පූජනීය වටිනායමින් අනූන මිහිඳු ගුහාවේද අහු මුළු පීරමින් රහස් පොලිසිය දැඩි සෝදිසියක නිරතව ඇත. මේ අවස්ථාවේදී මිහින්තලා පුද බිමට පැමිණ සිටි වන්දනාකරුවන් හා බැතිමතුන්ට හිංසා පීඩා වන ආකාරයෙන් මෙම සෝදිසි කිරීම පිළිබඳව බැතිමතුන් සිය විරෝධය පළ ඇති නමුත් එය සැලකිල්ලට නොගෙන රහස් පොලිස් නිලධාරීන් සිය කටයුත්ත ඒ ආකාරයෙන්ම දිගටම සිදු කර ඇත.


කෙසේ වෙතත් පැය 4 කට අධික කාලයක් සොයා පසුව කිසිවක් නොමැති බවත්, අවශ්‍ය වුවහොස් පසුව පැමිණෙන බවත් දන්වා රහස් පොලිස් නිලධාරීන් පිටව ගොස් ඇත.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.