හම්බන්තොට දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය
එ.ජ.නි.ස.
නාමල් රාජපක්ෂ - මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ සභාපතිවරයාය. රගර් ක්‍රීඩකයකු ලෙස නමක් දිනා ගත්තෙකි.
මාතර දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය
එ.ජ.නි.ස.
සනත් ජයසූරිය - ලෝ ප්‍රකට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තරග කළේය.
ගාල්ල දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය
එ.ජ.නි.ස.
නිශාන්ත මුතුහෙට්ටිගම - ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රීලනිප සංවිධායකවරයෙකි. පසුගිය පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවට තේරී පත්වූයේ තෙවැනි ස්ථානයට මනාප ලබා ගනිමිනි.
මාතලේ දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය
එ.ජ.නි.ස.
නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ශ්‍රී.ල.නි.ප ලග්ගල ආසන සංවිධායකවරයා ය. ප්‍රථම වරට මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් විය. ලක් එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ හිමිකරු ය.
කොළඹ දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
දුමින්ද සිල්වා - බස්නාහිර පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි. පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්විය.
කොළඹ දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
තිලංග සුමතිපාල - පසුගිය පළාත් සභා මැතිවරණයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බොරැල්ල ආසන සංවිධායකවරයාය. ලක්බිම පුවත්පත් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයාය.
රත්නපුරය දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
රන්ජන් රාමනායක - ජනප්‍රිය නළුවෙකි. පසුගිය පළාත් සභා මැතිවරණය සඳහා සබරගමු පළාත වෙනුවෙන් ඉදිරිපත් වී වැඩිම මනාපයෙන් සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායක වශයෙන් තේරී පත්විය.
ගාල්ල දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සජින් වාස් ගුණවර්ධන - පසුගිය පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් විය. මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයාය.
මාතර එ.ජා.ප.ය මනාප ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය
බුද්ධික පතිරණ - ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කැර දේශපාලනයට පිවිසියේය. වැඩිම මනාප ලබාගෙන දකුණු පළාත් සභාවට එ.ජා.ප.යෙන් තේරී පත්විය. මාතර දිසාවේ ප්‍රබල දේශපාලන චරිත අභිබවා යෑමට කෙටි කාලයකදී සමත් වූවෙකි.
ගාල්ල දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය
එක්සත් ජාතික පක්ෂය
මනූෂ නානායක්කාර - මාධ්‍යවේදියෙක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කර පසුව දේශපාලනයට පිවිසුණෙකි. පසුගිය පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවට තේරී පත්විය.
බදුල්ල දිස්ත්‍රික්කය
එක්සත් ජාතික පක්ෂය
හරින් ප්‍රනාන්දු - හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කලක් කටයුතුª කළේය. පසුගිය පළාත් සභා මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගනිමින් ඌව පළාත් සභාවට පත්විය. මෙවර මහ මැතිවරණයෙන් ඔහු පාර්ලිමේන්තුව තේරී පත්විය.
ගම්පහ දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය
එක්සත් ජාතික පක්ෂය
රුවන් විජේවර්ධන - පසුගිය පළාත් සභා මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගනිමින් බස්නාහිර පළාත් සභාවට තේරී පත්විය. විජය ප්‍රකාශන සමාගමේ අධිපති රංජිත් විජේවර්ධන මහතාගේ පුත්‍රයා ය.
කෑගල්ල දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
කනක හේරත් - කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනයේ හිටපු සභාපතිවරයාය. ගගන ඉංජිනේරුවකු වන ඔහු සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ පුත්‍රයාය.
ගම්පහ දිස්ත්‍රික්කය
එ.ජා.පෙරමුණ
උපේක්ෂා ස්වර්ණමාලි - ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියකි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘පබා’ ටෙලිනාට්‍යයේ ‘පබා’ ගේ චරිතය රඟපාමින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූවා ය.
ගම්පහ දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - හිටපු අමාත්‍යවරයකු වූ නැසීගිය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිඳයි. වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරියක වූ ඇය ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයාගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසියා ය.
පොළොන්නරුව දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
රොෂාන් රණතුංග - ප්‍රථම වතාවට දේශපාලනයට පිවිසි අයෙකි. පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට ප්‍රවිශ්ට වී සිටින ඔහු ව්‍යාපාරිකයෙකි.






0 comments:
Post a Comment