විමල් වීරවංශ හා අචල ජාගොඩ අතර ගැටුමක්

26 April 2010 ·

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා එම පෙරමුණේම හිටපු සංචාරක අමාත්‍ය අචල ජාගොඩ මහතා අතර බරපතල අර්බුදයක් මතුව ඇතැයි වාර්තා වේ. ‍වාර්තා වන අන්දමට මෙම ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අචල ජාගොඩ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ සූදානමයි. පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කළ ජානිපෙට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර දෙකක් ලබා දෙන බවට ‍පොරොන්දු වෙමින් පසුව මන්ත්‍රී ධූර එකක් ලබා දුන් අතර, මෙම මන්ත්‍රී ධූරයද වීරවංශ මහතාගේ කිසිදු අනුදැනුමකින් තොරව ජාගොඩ මහතාට ලබා දුන්නේද මෙහි එක් පියවරක් ලෙස බවද වාර්තා වේ.


කෙසේ වෙතත් මේ වන විට වීරවංශ මහතා හා අචල ජාගොඩ මහතා අතර පවතින ගැටුම උග්‍ර වී ඇති අතර පසුගිය කාලයේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් වීරවංශ මහතාගේ ආරක්ෂාවට අනුයුක්ත කර ගෙන තිබූ ආරක්ෂක භටයින්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අචල ජාගොඩ මහතාගේ සොහොයුරු කැප්ටන් ජාගොඩ මහතා ඊයේ දහවල් සිට හදිසියේම වීරවංශ මහතාගේ ආරක්ෂක පිරිසෙන් ඉවත් කර ඇත.


ජාතික නිදහස් පෙරමුණ සකස් කර ආණ්ඩුවට එක්වීමෙන් පසු විශාල භට පිරිසක් සමඟ රජය විසින් වීරවංශ මහතාට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබූ අතර, මෙම ආරක්ෂක භට පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ අචල ජාගොඩ මන්ත්‍රීවරයාගේ සොයුරු කැප්ටන් ජාගොඩ විසිනි. පසුගිය මහ මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලියේදී පවා වීරවංශ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළේද කැප්ටන් ජාගොඩ මහතාය. නමුත් හදිසියේම ඊයේ දහවල් සිට වීරවංශ මහතා සිය ආරක්ෂක භටයින්ගෙන් කැප්ටන් ජාගොඩ මහතා හා ඔහු සමඟ එකට සිය ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර ගත් භටයින් ඉවත් කර ගෙන ඇත.


පසුගිය දා එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාදීමේදී ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් මන්ත්‍රීවරයා නම් කරන ලෙස විමල් වීරවංශ මහතා සන්ධාන මහ ලේකම්ගෙන් ඉල්ලා සිටියද මහ ලේකම් විසින් පත් කර තිබුණේ අචල ජාගොඩ මහතාය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.