ලබන සතියේ රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සභා වාරයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතා හදිසි නීති විවාදය වෙනුවෙන් විපක්ෂයේ පළමු කතාව ලෙස පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වීමට නියමිත බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි. ලබන මැයි මස 04 වැනි දින මීළඟ පාර්ලිමේන්තු සභා වාර්ය පැවැත්වීමට නියමිත අතර, මෙහිදී හදිසි නීතිය විවාදයට ගැනීමට නියමිතය.මෙම අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය වෙනුවෙන් මෙහිදී හදිසි නීති විවාදයට එක්වීමට නියමිත අතර, එය විපක්ෂයේ පළමු කතාව වනු ඇති බව එම සංධානය පවසයි. එම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය වැඩිදුරටත් පැවසුවේ අදාල සතිය තුළ පාර්ලිමේන්තු සභාව පැවැත්වීමට නියමිත බැවින් හදිසි නීති විවාදයෙන් පසු ජනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බවයි.






0 comments:
Post a Comment