රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට දිස්ත‍්‍රික් කණ්ඩායම් තුළ යෝජනා සම්මත කිරීමේ සූදානමක් ඇති බවට එජාප ආරංචිමාර්ග පවසයි. මේ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත්කොට දයාසිරි ජයසේකර, සජිත් පේ‍්‍රමදාස වැනි තරුණ නායකයකුට නායකත්වය සඳහා ඉඩ ලබාදිය යුතු බවට දිස්ත‍්‍රික් මට්ටමෙන් යෝජනා සම්මත කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව මේ වන විට හිටපු සභාපතිවරයකු වන රුක්මන් සේනානයක මහතා තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.මීට අමතරව ජාතික නීතිඥ සංගමය මඟින්ද නායකයා ඉවත්කළ යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන ඇත. මැතිවරණ පරාජය, ජාතික ලැයිස්තුවට මන්ත‍්‍රීවරුන් පත්කිරීමේ දී ඇතිවී ඇති අර්බුදය ජනාධිපතිවරයා සමග රහසිගත සාකච්ඡුාවක් පැවැත්වීම, රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පක්ෂයේ විරෝධයක් මතුවීම සඳහා බලපා ඇති ආසන්නම හේතු ලෙස සැලකේ.
(ලංකා ඉරිදා සංග්‍රහය)






0 comments:
Post a Comment