මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි නාවලපිටිය ප්‍රදේශයේ වු බව කියන ඡන්ද අක්‍රමිතා පිළිබදව සොයා බැලිමට පත්කළ විනය කමිටුව අද සිය පරික්ෂණ ආරම්භ කළේය.ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පරිපාලන ලේකම් එස්.එච්. ආරියසේන මහතා සදහන් කළේ, සිද්ධිය පිළිබද විමර්ශන සදහා විනය කමිටුව අද නාවලපිටිය ප්‍රදේශයට පිටත්ව ගිය බවය.
එහිදි විනය කමිටු සමාජිකයින් විසින් අදාළ සිද්ධියට සම්බන්ධ බව කියන පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
නාවලපිටියේ ඡන්ද අක්‍රමිකතා සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පසුගියදා විනය මණ්ඩලයක් පත් කරනු ලැබිණ.
ඩබ්ලිව්.ජේ. කරුණාජීව මහතා එහි සහාපතිත්වරයා වේ.
චම්පානි පද්මසේකර මහත්මිය විනය මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කරනු ඇත.
ඊට අමතරව නීතිඥ සාලිය මැතිව් ,හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත්කර ඇතැයි, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පරිපාලන ලේකම්වරයා ප්‍රකාශ කළේය.






0 comments:
Post a Comment