ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන් මහතා අද (20) ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. බච්චන් මහතා ලංකාවට පැමිණෙන්නේ ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමිය විසින් ඉදිරිපත් කරන IIFA 2010 සම්මාන උළෙල පිළිබඳ මෙරට මාධ්‍ය දැනුවත් කිරීම සඳහාය. ශ්‍රී ලංකා සංචාරක මණ්‌ඩලයේ අනුග්‍රහය ඇතිව ජුනි 3,4 සහ 5 යන දිනවල IIFA 2010 සම්මාන උළෙල පැවැත්වෙන අතර ඒ සඳහා ෂාරුක් ඛාන්, ඓශ්චර්යා රායි ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියෝ රැසක් ද මෙරටට පැමිණෙනු ඇත
මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළීබඳව විවාදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත. එහිදී හ්‍රී ලංකාවට වැය වන මුදල පිළිබඳව බොහෝ අංශවල අප්‍රසාදය පළ වී තිබේ. විශේෂයෙන්ම මෙම සම්මාන උළෙල වෙනුවෙන් ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම වෙළෙඳ හා වානිජ පංතියේ ටිකට්පත් 500ක් නොමිලේ ලබාදීමට එකඟවී ඇති අතර, මෙයින් ආයතනයට වන පාඩුව බිලියනය ඉක්මවන බවද පැවසේ.

මීට අමතර ශී‍්‍ර ලංකා සංචාරක අමාත්‍යංශය තරු හයේ හෝටල් කාමර 500ක් ලබා දීමට ද පොරොන්දුවී ඇති අතර, ආරක්‍ෂක අමාත්‍යංශය විසින් සම්මාන උළෙලට සහභාගිවන නළු නිළියන් ඇතුළු ප‍්‍රභූන්ගේ ආරක්‍ෂව ද නොමිලේ සැපයීමට එකඟවී ඇත. එසේම ඔවුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය ඉන්දීය සමාගමක් වෙතින් කල් බදු ගිවිසුමක් යටතේ මෝටර් රථ 350 ක් ද ආනයනය කිරීමට නියමිතය.
පසුගිය වසරේ මැකාවෝහි පැවැති මෙම චිත‍්‍රපට සම්මාන උළෙල ඔවුන් විසින් පවත්වනු ලැබුවේ කැසිනෝ ව්‍යාපාරය දියුණුකර ගැනීම සඳහාය. කෙසේවුවද එහි සංවිධායකයින් විසින් චිත‍්‍රපට සම්මාන උළෙල මැකාවෝහි පැවැත්වීම වෙනුවෙන් ලබාදුන් එකම පහසුකම වනුයේ හෝටල් කාමර 3,000 ක් නොමිලේ සැපයීම පමණකි. ඉතිහාසයේ සිට මේ සම්මාන උළෙල පැවැත්වීමට උත්සුකවී ඇති රටවල් ඔවුන්ගේ ඇඟළුම් නිර්මාණ ඉහළ අලෙවි තලයට රැගෙනයාමටත්, සූදු ලාභය දියුණුකර ගැනීමටත් පමනක් මෙය භාවිතා කර ඇති බැව් ඔවුන්ගේ වෙබ් අඩවිය වන www.iifa.com වෙබ් අඩවිය පවසා ඇත

0 comments:
Post a Comment