ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පසුගිය 06වනදා කැදවන ලද දෙවන යුද අධිකරණයේ විනිසුරුවන්ට එරෙහි චෝදනා එම යුද අධිකරණය හමුවේම ඔපුප්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
පසුගිය 06 වනදා ජෙනරාල්ට එරෙහි දෙවන යුද අධිකරණය කැදෙව්වා. යුද අධිකරණයේ සභාපති හැටියට හිටියේ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් අනෙකුත් සාමාජිකයන් වුණේ මේජර් ජෙනරාල් හතුරු සිංහ සහ මේජර් ජෙනරාල් දවුල්ගල. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයාව ඉන්න කාලේ ආර්මඩ් කාර්, මල්ටි බැරල්, රොකට් ලෝන්චර් ගෙනවිත් තිබෙනවා. නමුත් මේ දෙවන යුද අධිකරණය කැදවා තිබෙන්නේ ඔහු බැටරි කැබලි 50ක් ගෙනේමේදි වංචා සිදුකළා කියලා
ඒ වගේම පත්කර තිබෙන යුද අධිකරණයේ සාමාජිකයන් සියලු දෙනාට බරපතල චෝදනා එල්ලවී තිබුණු පුද්ගලයන්. මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් යුද අධිකරණය හමුවේ බොරු සාක්ෂි දුන් පුද්ගලයෙක්.
මේජර් හතුරුසිංහ කොටි ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතා තිබුණු බවට චෝදනා එල්ලවී තිබුණා. මේජර් ජෙනරාල් දවුල්ගලත් එවැනි පුද්ගලයෙක්. එම චෝදනා සියල්ල අපි යුද අධිකරණය හමුවේ ඉදිරිපත් කළා.
එහිදී එම චෝදනාවලට අදාල සාක්ෂි ඉදිරිපත්කරන්න කිව්වා. අප සාක්ෂිකරුවන් ඉදිරිපත් කළා. ආරක්ෂක ලේකම්වරයාත් එහි එක් අයෙක්. කෙසේ වෙතත් තවම ඔහු සාක්ෂි සදහා කැදවා නැහැ. නමුත් එක් සාක්ෂි කරුවෙක්වූ මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ මහත්මයා යුද අධිකරණය හමුවේ පිළිගත්තා මේජර් ජෙනරල් මිලින්ද පීරිස් යුද අධිකරණය හමුවේ බොරු සාක්ෂි දුන් බව.
මින් තහවුරුවන්නේ ජෙනරාල්ට එරෙහි චෝදනා ඔප්පුකර ගැනීම සදහා ආරක්ෂක ලේකම්වරයාට අවශ්‍ය පරිදි තමන්ට හීලෑකර ගත හැකි විනිසුරුවරුන් යුද අධිකරණයට පත්කරමින් සිටින බවයි. එම විනිසුරුවරුන් සිය ධූර කාලයේදී සදාචාර විරෝධී, නීති විරෝධීව කටයුතු කළ පුද්ගලයන්, එය යුද අධිකරණය හමුවේම තහවුරුවී තිබෙනවා. ජෙනරාල් අත්අඩංගුවට ගැනීම වැරදියි. යුද අධිකරණයට කැදවීම වැරදියි. යුද අධිකරණය පත්කිරීම වැරදියි. පුද්ගලයන් වැරදියි. එනිසා මෙහි තීරණය කිසි සේත් නිවැරදි වෙන්නේ නැහැ. එම නිසී මෙම අවනීතියට එරෙහිව පෙල ගැසෙන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම මාධ්‍ය හමුවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීන් සහභාගීවූහ.






0 comments:
Post a Comment