මහනුවර දිස්ත‍්‍රික්කයේ බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ගැන පැමිණිල්ලක්

08 April 2010 ·


මහනුවර දිස්ත්‍රික්කයේ ඉතා බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගණනාවක් වාර්තා වූ බවත්, ඒ හේතුවෙන් එම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ශූන්‍ය කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් විජිත හේරත් මහතා මැතිවරණ කොමසාරිස් වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත. විජිත හේරත් මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපිය මෙසේය.


මහනුවර දිස්ත‍්‍රික්කයේ සිදුවන බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව

මහනුවර දිස්ත‍්‍රික්කයේ නාවලපිටිය හා ගම්පොල ආසනවල ඡන්ද මධ්‍යස්ථාන විශාල ප‍්‍රමාණයක මැතිවරණ නීති උල්ලංඝණය කිරීම බරපතල ලෙස සිදුවන බවට අප වෙත වාර්තා වී ඇත. ඒ අතරින් ඡන්ද මධ්‍යස්ථානවලට බලහත්කාරයෙන් ඇතුළුවී ඡන්දය දැමීම, හොර ඡන්ද භාවිත කිරීම, විපක්‍ෂයේ ඡන්දපොළ නියෝජිතයින්ට පහරදී පලවා හැරීම, විරුද්ධ පාක්‍ෂිකයන්ට ඡන්දය භාවිතයට අවස්ථාව නොදීම හා ඡන්ද මධ්‍යස්ථාන අසල සිදුකරන නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු ප‍්‍රධාන වේ.
බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇති මහනුවර දිස්ත‍්‍රික්කයේ නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ වාර්තාවක් පහත ඇත.


01. ඡන්ද මධ්‍යස්ථානවලට බලහත්කාරයෙන් කඩාවැදී ඡන්දය දැමීම පිළිබඳව වාර්තා වන මධ්‍යස්ථාන.


පටිතලාව කණිෂ්ඨ විද්‍යාලය (03)
උඩුවැල්ල කණිෂ්ඨ විද්‍යාලය (04)
ගැමුණුපුර කණිෂ්ඨ විද්‍යාලය (06)
යටපාන කණිෂ්ඨ විද්‍යාලය (07)
වැටකේදෙණිය කණිෂ්ඨ විද්‍යාලය (08)
පැල්ලම්පිටිය කණිෂ්ඨ විද්‍යාලය ශාලා අංක 01 (11)
පැල්ලම්පිටිය කණිෂ්ඨ විද්‍යාලය ශාලා අංක 02 (12)
හල්දොල ග‍්‍රාම සංවර්ධන සමිතිය (13)
ගිරා උල්ල මහා විද්‍යාලය ශාලා අංක 01 (14)
ගිරා උල්ල මහා විද්‍යාලය ශාලා අංක 02 (16)
හැලිඋල්ල ජනපදය කණිෂ්ඨ විද්‍යාලය (15)
එම්. එස්. අලූත්ගමගේ විද්‍යාලය (18)
02. ඡන්දපොළ නියෝජිතයින් පලවා හැරීම් වාර්තා වන ඡන්ද මධ්‍යස්ථාන
වැටකේදෙණිය කණිෂ්ඨ විද්‍යාලය (08)
ශී‍්‍ර ස්වර්ණපාල කණිෂ්ඨ විද්‍යාලය (27)
ඉක්රාම් මුස්ලිම් මහා විද්‍යාලය (28)
උලපනේ මහා විද්‍යාලය (29)
නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය ශාලා අංක 01 (37)
නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය ශාලා අංක 02 (37)
ඉඹුල්පිටිය කණිෂ්ඨ විද්‍යාලය (38)
මීපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (44)
පස්භාගේ කෝරලයේ ප‍්‍රාදේශීය සභා සායන කාර්යාලය (45)
රඹුක්පිටිය මහා විද්‍යාලය (46)
අලූත්ගම ජනපදයේ ධර්මරාජ විහරස්ථානයේ ධර්ම ශාලාව (47)
මපකන්ද කනිෂ්ඨ විද්‍යාලය (51)
වැලිගම්පොල කණිෂ්ඨ විද්‍යාලය (52)
වැලිගම්පොල ඉසිපතනාරාම ධර්ම ශාලාව (53)
කදිරේෂන් කුමාර මහා විද්‍යාලය (54)
ශාන්ත අන්රූ බාලිකා විද්‍යාලය (55)
අනුරුද්ධ කුමාර මහා විද්‍යාලය (56)
නාවලපිටිය කණිෂ්ඨ බාලිකා විද්‍යාලය ශාලා අංක 01, 02 (57)


නිදහස් හා සාධාරණ ඡන්දය සඳහා අවස්ථාව නොමැති තත්ත්වයක් යටතේ සැබෑ ජනමතය ප‍්‍රකාශ නොවන බැවින් බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇති මහනුවර දිස්ත‍්‍රික්කයේ නාවලපිටිය ආසනයෙහි යථෝක්ත ඡන්ද මධ්‍යස්ථානයන් පිළිබඳව විමසා බලා අදාළ ඡන්ද මධ්‍යස්ථානයන්හි ඡන්දය ශූන්‍ය කරන මෙන් ඉල්ලා සිටිමි.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.