එක්සේසත් කළ මවුබිමේ ජනතා හදවත් යා කිරීමට, එළඹෙන අලුත් අවුරුද්ද උපයෝගී කර ගත යුතු බව මගේ අදහසයි. සිංහල සහ දෙමළ ජනතාව එක්ව පවත්වන අලුත් අවුරුද්ද, අප අතර තිබෙන සංස්කෘතික සබැඳීයාව වටහා ගැනීමට ඇති හොඳම ජාතික උළෙලකි. අප දේශයේ ජනතා හදවත් යා කිරීමට එය අනගි අවස්ථාවක් ලෙස භාරගත යුතුයි. නව අවුරුද්දේ සතුටත්, එහි සමාජ සහ සංස්කෘතික හරයත් කෙරෙහිත් ජනතාව ළං කිරීමට අවශ්‍ය සියල්ල රජය ඉටු කොට ඇත. කෘෂිකර්මාන්තයෙන් දේශය සශ්‍රීක කිරීම සේම සදාචාර සම්පන්න ජීවිතයකට අවශ්‍ය අනුබලය ලබාදීමත් නව අවුරුද්දේ හරයන් සහ සතුට වෙත ජනතාව ළං කරනු ඇතැයි විශ්වාසය පළ කරමි.
අලුත් අවුරුද්දේ සැබෑ සතුටත් සොම්නසත් හිමි විය යුත්තේ අපේ දූ දරුවන්ටය. ඔවුන් වෙත සතුට ළඟා කර දෙන අතරම අප වසර දහස් ගණනක් තිස්සේ රැගෙන ආ සිරිත් විරිත් කෙරෙහි ඔවුන් යොමු කරවා එම වටිනා සංස්කෘතික දායාදයන් ඔවුන් වෙත පැවරීම ජාතිය සතු වගකීමකි. ඒ සඳහා සියලු නිවෙස්හි අවුරුදු සිරිත් නොපිරිහෙලා ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරමි.
සිංහල, දෙමළ අලුත් අවුරුද්දෙන් පිළිබිඹු වන්නේ අප සතු එක්සත් බවත්, උදාරත්වයත් යග අපගේ උදාරත්වය පෙනෙන පරිදි නව වසර සතුටින් සොම්නසින් ගත කිරීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරමි.






0 comments:
Post a Comment