අනෝමා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට යයි

13 April 2010 ·

මැතිවරණ පූර්ව ප්‍රචාරය අවසන් වූ පසුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රැස්වීමක් පැවැත්වූ බවට චෝදනා කරමින් ඒ සමබන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතා‍ගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, එම සන්ධානයේ ලේකම් විජිත හේරත්, අර්ජුන රණතුංග, සුනිල් හඳුන්නෙත්ති, ලක්ෂ්මන් නිපුණආරච්චි, කලවැල්ගල චන්දාලෝක හිමි යන හය දෙනා පොලිසියට ඉදිරිපත්ව ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියෝග කරමින් කොළඹ කොටු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නොතීසි නිකුත් කර ඇත.

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් එක් රැස් කර ගන්නා ලද විශාල ජනකායක් සමඟ කොළම කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පසුගිය 06 වැනිදා සවස 3 ට පමණ නීති විරෝධී රැස්වීමක් පැවැත්වූ බවට චෝදනා කරමින් කොටුව පොලිස් ස්ථානාධිපති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.


"ජනරාල් වහා නිදහස් කරනු" යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් කොටුව දුම්රිය‍ පොළ ඉදිරිපිට බිම වාඩි වී සිටි බවත්, ජනරාල්ට ජයවේවා යනුවෙන් ප්‍රීති ඝෝෂා කළ බවත්, පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත. මෙම කටයුත්ත හේතුවෙන් දුම්රිපොළට හා බස් රථ නැවැතුම්පොළට පැමිණි මගීන්ට අවහිරතා සිදු වූ බවත්, මෙය දේශපාලන අරමුණින් සිදු කරන ලද්දක් බවත්, ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.