එහි මැතිවරණ පැමිණිලි පිළිබද ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පැවසුවේ සියලු පැමිණිලි සුළු සිදුවීම් වලට අදාළ ඒවා බවය.
එම සිදුවීම් කිසිවක් ඡන්ද විමසිමේ ක්‍රියාවලියට බාධාවක් නොවන බව එම මධ්‍යස්ථානය සදහන් කළේය.
එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු සදහන් කළේ, සියලු පැමිණිලිවලට විසදුම් ලබාදුන් බවය.
අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය පැවසුවේ, ඡන්ද විමසීමට අදාළව පැමිණිලි 114 ක් ලද බවය.
ඒ අතර වෙඩි තැබිමක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් වන බවද එහි මාධ්‍ය සම්බන්ධීකාරක ඩි.එම් දිසානායක මහතා සදහන් කළේය.
ජාතික මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, මැතිවරණයේ ඡන්ද විමසීම ආශ්‍රිතව පැමිණිලි 12 ක් වාර්තා වු බවය.






0 comments:
Post a Comment