අද සවස 4.00 න් අවසන් වූ 7 වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් සභිකයින් තේරීමේ මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 50%ත් 52 ත් අතර බව පැෆරල් සංවිධානය පවසයි. කෙසේ වෙතත් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ මන්දගාමී තත්ත්වයක් පැවති අතර, දහවල් 12.00 වන විටද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වූයේ 30% කි.මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ මහ මැතිවරණය සමස්තයක් ලෙස ගත්කළ සාමකාමීව පැවැති බවයි. නමුත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ සමස්ථ ඡන්දය පුරාම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා මැර ක්‍රියා ගණනාවක් සිදුවූ අතර, විපක්ෂයේ ඡන්ද නියෝජිතයින්ට මෙන්ම ඡන්ද දායකයින්ට පහරදීම්, හිරිහැර කිරීම් ඇතුළු ක්‍රියා ගණනාවක් වාර්තා වන බවයි.
මේ අතර මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය විසින් මැතිවරණ කෙමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ නාවලපිටියේ බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පිරවීමේ අවස්ථා ගණනාවක් වාර්තා වූ අතර, මේ වෙනුවෙන් රජයේ ඇමැතිවරයෙකු ඍජුවම සම්බන්ධව ඇති අතර, මෙම ඡන්ද මධ්‍යස්ථවල ඡන්ද ශූන්‍ය කරන ලෙසයි.






0 comments:
Post a Comment