මෙවර සා/පෙළ විභාගයෙන් 48% ක් අසමත්

29 April 2010 ·

මෙවර පැවැත්වූ 2009 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල සාමන්‍ය ‍අනුව විභාගයට පෙනී සිටි අපේක්ෂකයින්ගෙන් 48% ක් අසමත්ව ඇත. මෙවර අ.පො.ස සාපෙළ විභාගයට අපේක්ෂකයින් 2,77,260 ක් ඉදිරිපත්ව ඇති අතර, ඉන් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ 1,47,000 ක් පමණි.


මෙයින් ගණිත විෂයෙන් 51% ක් සමත්ව ඇති අතර, මෙ ප්‍රතිශතය 2008 ප්‍රතිශතයට සමානය. විද්‍යාව විෂයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව ඇති ප්‍රතිශතය 45% ක් වන අතර, පසුගිය වසරේ එය 47% කිත ඒ අනුව මෙවර විද්‍යාව අංශයෙන් ගිය වසරට වඩා සමත්ව ඇත්තේ අඩු ප්‍රතිශතයකි. සිංහල විෂය (පළමු බස හෝ මව්බස) 20% ක් අසමත්ව ඇත. පසුගිය වසරේ සිංහල විෂයෙන් අසමත් වූ ප්‍රතිශතය 19% කි. දෙමළ විෂය (පළමු බස හෝ මව්බස) 25% ක් අසමත්ව ඇත. එය පසුගිය වස‍රට සමානය.


මෙයට අමතරව එක් විෂයක් පමණක් සමත්ව විෂයන් 8 ක් අසමත් වූ පිරිස 16,500 කි. විෂයන් දෙකක් සමත්ව විෂයන් හතක් අසමත් වූ පිරිස 16,800 කි. විෂයන් තුනක් සමත්ව විෂයන් හයක් අසමත් වූ පිරිස 18,000 කි. 20,300 ක පිරිසක් විෂයන් හතරක් සමත්ව විෂයන් පහක් අසමත් වූ පිරිස අතර වේ. එමෙන්ම විෂයන් පහක් සමත්ව විෂයන් හතරක් අසමත් වූ පිරිස 22,800 කි.


මේ අතර විෂයන් නමයකට පෙනී සිට එම විෂයන් නමයම අසමත් වූ පිරිස මෙවර 19,000 ක් වන අතර, පසුගිය වසරේ එනම් 2008 වසරේ එය 16,000 කි. මේ අනුව විෂයන් සියල්ලම අසමත් වූ පිරිස පසුගිය වසරට වඩා මෙවර 3000 කි.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.