දෙවැනි යුධ අධිකරණය මැයි 4ට කල් යයි

20 April 2010 ·

ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි දෙවන යුධ අධිකරණය අද පෙරවරු 10.00ට රැස් වූ අතර එය ලබන මස 4 වැනිදා දක්වා කල් ගියේය. යුධාධිකරණය අද රැස් වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් බුවනෙක අලුවිහාරේ මහතා දේශනය පැවැත්වීය. ඉන් පසුව දෙපාර්ශ්වයේම ලිඛිත කරුණු අප්‍රේල් 30 වැනිදාට ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණි.


ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතා වෙනුවෙන් ඊයේ කරුණු දැක්වූ නීතිඥ‍යෝ යුධ අධිකරණය සම්බන්ධයෙන් සිය විරෝධතාව පළ කර සිටියහ. හමුදා පනතට අනුව සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුධ අධිකරණයක් පිහිටුවිය නොහැකි බවත්, එමෙන්ම යම් වරදක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරන්නේ නම් එය මාස හයක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වුවත් ජනරාල්වරයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ මාසයකට වැඩි කලක් ගතවීමෙන් පසුව බවත්, අත්අඩංගුවට ගෙන පැය විසි හතරක් තුළ චෝදනා ඉදිරිපත් කළ යුතු වුවත් ජනරාල්වරයා අත්අඩංගුවට‍ ගෙන මාසයකට වැඩි කාලයක් යන තුරුම ‍චෝදනා ඉදිරිපත් කර නැති බවත් ජනරාල්වරයාගේ නීතිඥයෝ පෙන්වා දුන්හ.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.