2/3 බලය

26 April 2010 ·

තමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් බැවින් ඒ සඳහා අවශ්‍ය වන 2/3 බලය ඉදිරි මාස දෙක ඇතුළත විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට ගෙන ලබාගන්නා බව නව වාරි මාර්ග හා ජල කලමණාකරණ ඇමැති නිමල් සිරිපාල මහතා පවසා ඇත. මෙහිදී සිරිපාල මහතා පවසා ඇත්තේ දැනටමත් එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරඟ කළ පී.දිගම්බරන් හා ප්‍රභා ගනේෂන් යන මහත්වරුන් දෙදෙනා ආණ්ඩුවට සහයදීමට එකඟ වී ඇති බවයි.


"ජනාධිපති රාජපක්ෂ මහතා දෙවෙනි ධූර කාලය සඳහා දිවුරුම් දෙන්නේ නොවැම්බර් මාසයේදී. ඊට කලින් ව්‍යවස්‌ථා සංශෝධනයක් කරන්න රජයේ උත්සහ කරනව. ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා ඇති එකම බාධාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය නොමැතිවීම. නමුත් දැනටමත් අපිට එකසිය හතළිස්‌ හතරක මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ඉන්නව.


මේ පිරිස එකසිය හතළිස්‌ හය දක්‌වා ඉදිරි දින කිහිපයේදී ඉහළ යනවා. පී. දිගම්බරම් මහතා සහ ප්‍රභා ගනේෂන් මහතා ළඟදීම ආණ්‌ඩුවට එක්වෙනවා. තව අඩු මන්ත්‍රී ධුර පහයි. ඒකත් අපි ඉදිරි මාස දෙක තුළ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කර ගන්නවා." සිරිපාල මහතා පවසා ඇත.


කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් මේ වන විට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එක්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීන් මෙන්ම පැරණි මන්ත්‍රීන්ද වන බව වාර්තා වේ. කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වහාම මෙම පිරිස ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වන බවත්, එය ආණ්ඩු පක්ෂයට එක්වීමෙන්ද නැතහොත් විපක්ෂයේ සිට නව ව්‍යවස්ථාවට සහයදිමෙන්ද යන්න පිළිබඳ තවමන් තිශ්චිත එකඟතාවයට පත්ව නැත.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.