බෞද්ධ කොඩියේ 125 වැනි සමරුව අදයි. 1885 අප්‍රේල් 28 දා අධි වෙසක් පුර පසළොස්වක පොහෝ දා කොටහේන දීප දුත්තාරාමයේ දී බෞද්ධ කොඩිය මුල් වරට ගුවනට එසවිණි. ඒ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමිපාණන්ගේ සුරතිනි.
මෙදින සිට වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමද තවත් සුවිශේෂී සිදුවීමකි. අදින් වසර 125 කට පෙර සිදුවූ මේ ඓතිහාසික සිදුවීම සැමරීම සඳහා කොළඹ පරම විඥාානාර්ථ බෞද්ධ සමිතියේ මෙහෙයවීමෙන් රට පුරා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.
මෙහි ප්‍රධාන ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වේ. මේ උත්සවයට සමගාමීව නව සමරු මුද්දරයක් නිකුත් කිරීමටද තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.







0 comments:
Post a Comment