අපේක්ෂක නියෝජිතයන්ට තහංචියක්

30 March 2010 ·

අවසන් ප්‍රතිඵල සකස්‌ කරන දිස්‌ත්‍රික්‌ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථානවල අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන්ට ඇතුළුවීමට අවසර ලබා දෙන්නැයි දේශපාලන පක්‍ෂ විසින් කරන ලද ඉල්ලීමක්‌ මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.


ගණන් කරන මධ්‍යස්‌ථානවලට එක්‌ පක්‍ෂයකට නියෝජිතයන් පස්‌දෙනා බැගින් ඇතුළුවීමට අවසර ලබා දී තිබියදී තවත් නියෝජිතයන්ට පැමිණීමට අවස්‌ථාව ලබා දුනහොත් එම මධ්‍යස්‌ථානවල දැඩි තදබදයක්‌ ඇති වන බවත් මැතිවරණ රාජකාරිවලට ද බාධා ඇතිවන බවත් කොමසාරිස්‌වරයා දැනුම් දී තිබේ.


එක්‌ දිස්‌ත්‍රික්‌කයකට අපේක්‍ෂකයන් දෙසීයකට වඩා තරග කරන නිසා ඔවුන්ගේ නියෝජිතයන් අතර ද මධ්‍යස්‌ථානවල ගැටුම්කාරී තත්ත්වයක්‌ මතුවිය හැකි බව ද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී තිබේ. එම නිසා කිසි ලෙසකින්වත් අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන්ට ගණන් කිරීමේ මධ්‍යස්‌ථානවලට ඇතුළුවීමට අවසර ලබා දිය නොහැකි බවත්, අවශ්‍ය නම් අවසන් ප්‍රතිඵල සකස්‌ කරන ස්‌ථානයට අපේක්‍ෂකයකුට එක්‌ අවස්‌ථාවක්‌ පැමිණ යාහැකි බවත් ප්‍රකාශ කර තිබේ. සෑම පක්‍ෂයකම නියෝජිතයන් පස්‌දෙනකුට ගණන් කරන මධ්‍යස්‌ථානයට ඇතුළු වී ගණන් කිරීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීමට සියලු පහසුකම් ලබා දී ඇති බව ද මෙහිදී කොමසාරිස්වරයා වැඩිදුරටත් දන්වා තිබේ.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.