ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය ඊයේ ( 21 ) පස්වරුවේ එම පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අතින් විවෘත විය. යාපනයේ වැල්වැටිතුරේ උදුප්පිඩි නගරයේ මෙම කාර්යාලය පිහිටා තිබේ. මීට සමගාමීව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයද විවෘත කිරීම සිදුවිය.
මෙම අවස්ථාව සදහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ යාපනය දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පහත පළවන්නේ එම අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයකි.








0 comments:
Post a Comment