ජෙනරාල්ව පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක්කළා - රජය
ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින නිසා ඒ පිළිබඳව ඔහු මෙතෙක් ප්‍රතිකාර ලබාගත් වෛද්‍යවරයාගේ මතය විමසීම අවශ්‍ය බව විපක්ෂ නායකවරයා කියයි.
වෛද්‍ය විද්‍යාවේ සදාචාරය අනුවද සිදුවිය යුත්තේ එය වුවත් ඒ සඳහා මෙතෙක් අවසර ලබාදී නොමැති බව, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.
මේ නිසා, ජෙනරාල්වරයාගේ පුද්ගලික වෛද්‍යවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නම් කරන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඉඩ සලසන මෙන්ද, ඒ වෛද්‍යවරුන්ගේ වාර්තා අනුව සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් ප්‍රතිකාර ලබාදෙන මෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇත.
මේ අතර, ආරක්ෂක අංශ උපුටා දක්වමින් රජයේ නිළ පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ජෙනරාල් ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමක් සිදුව නොමැති බව, ඔහුට ප්‍රතිකාර ලබාදන නාවික හමුදා වෛද්‍යවරයා සනාථ කර තිබෙන බවත් එවැනි සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමක් පිළිබඳව ජෙනරාල්වරයාද පැමිණිල්ලක් කර නොමැති බවයි.
ෆොන්සේකා මහතාට යුද හමුදාව නිත්‍ය පදනමක සිට දිවා-රාත්‍රී වෛද්‍ය සේවා සැපයීම සිදුකිරීමට අමතරව අවශ්‍ය හා දැන්වූ විට ඕනෑම වෛද්‍ය විශේෂඥයෙකුගේ උපදෙස් හා සේවාවන් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් අදාළ වාර්තාව කියයි.
ඔහු වෙනුවෙන් සේවය කරන වෛද්‍යවරයා සමග විශේෂඥ වෛද්‍යවරයෙකුද ඊයේ ෆොන්සේකා මහතා පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කළ බවද යුධ හමුදාව උපුටා දක්වමින් රජයේ නිළ පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත.






0 comments:
Post a Comment