මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂ හක්මන සංවිධායක ඉන්දික ජාතුංග ඊයේ (31) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්විය. ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතරදී පැවැති සන්ධාන මැතිවරණ ප්‍රචාරක රැලියේදී ඉංදික ජාතුංග මෙසේ සන්ධානයට එක්විය.මෙහිදී අදහස් දක්වමින් ඉංදික ජාතුංග පැවසුවේ තමන් එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වන බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්ත ආරංචි මාර්ග පැවසුවේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා දුන්නද, මෙවර මහ මැතිවරණයේ ප්‍රතිපල අනුව ඉංදික ජාතුංගට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නොහැකි වන අතර, මේ සම්බන්ධයෙන් කලින් සිටම දැන සිටි ඔහු කාලයක පටන් සන්ධානය සමඟ සබඳතා ඇති කර ගනිමින් සිටි අතර, මේ ආකාරයෙන් ඊයේ ඔහු සන්ධානයට එක් වූ බවයි.






0 comments:
Post a Comment