සැගව සිටියේ දෙහිවල
එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර මූල්‍ය අංශයට සම්බන්ධ ප්‍රධාන පෙළේ කොටි ත්‍රස්තවාදියෙකු මෙරට එල්.ටී.ටී.ඊ. මූල්‍ය කටයුතු සොයා බැලීම සඳහා ස්වීස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට පැමිණ දෙහිවල පල්ලිදොර පාරේ නිවෙසක සැඟවී සිටියදී රහස් පොලිසිය මඟින් පෙරේදා (28) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මරණයට පත්ව එම සංවිධානය අක්‍රීය තත්ත්වයට පත්වීමෙන් පසු එම සංවිධානයට අයත්ව තිබූ මෙරට ව්‍යාපාර කටයුතු සොයා බැලීම එම ත්‍රස්තවාදියාගේ ප්‍රධාන කාර්යය වී ඇත.
මේ ත්‍රස්ත නායකයා මෙරටට පැමිණ ඇත්තේ ජනවාරි 10 වැනි දිනයි. ඔහු මෙරටට පැමිණීම සඳහා ආගමන හා විගමන පාලක වෙත අසත්‍ය තොරතුරු සඳහන් ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා ලබාගෙන ඇති අතර, ඒ සඳහා 1989 පෙබරවාරි 24 දින දයානන්ද කාරියවසම් නැමැත්තෙකුට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ හැදුනුම්පතක් උපයෝගි කරගෙන ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ ගුවන් ගමන් බලපත්‍රයට අමතරව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරින් නිකුත් කළ තවත් ගුවන් ගමන් බලපත්‍රයක්ද සැකකරු සතුව තිබී හමුවී ඇත.
මෙරටට පැමිණීමට වීසා ගැනීමේදී තම සහෝදරයාගේ විවාහය සඳහා සහභාගිවීමට පැමිණෙන බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සැකකරු ලංකාවට පැමිණ ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මොහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර නායකයන් සමඟ විවිධ සබඳතා පවත්වමින් නොයෙක් නීතිවිරෝධී ක්‍රියා සහ හොර ජාවාරම් කර ඇති බවටද කරුණු හෙළි වී ඇති බැවින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවද රහස් පොලිසිය පවසයි.
මොහුගේ දෙමව්පියන් යාපනයේ පදිංචිව සිටින අතර ඔහුගේ සහෝදරියක් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටින බවද රහස් පොලිසිය සොයාගෙන ඇත. සැකකරු, චින්නයියා මතිවානන් නැමැති 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඊයේ (1) දින ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ සේතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙළේය.






0 comments:
Post a Comment