සිරස ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක්

22 March 2010 ·

සිරස ප්‍රහාරය විවිධ පාර්ශව හෙළා දකී

මාර්.22- සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලයට අද පස්වරු 3.45ට පමණ මැර ප්‍රහාරයක් එල්ල විය.

අදාළ පිරිස කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට ඇතුළු විමට උත්සහ දැරුවේ කාර්ය මණ්ඩලයට ගල් මුල් ප්‍රහාර එල්ල කරමිනි.

එහි දී ආරක්ෂාව පතා කාර්යමණ්ඩලය විසින් පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබිණි.

සිද්ධියෙන් සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණඩල සාමාජිකයින් තුවාල ලැබු අතර පසුව ඔවුන් රෝහල්ගත කෙරුණි.

කෙසේ වෙතත් සිද්ධියෙන් අනතුරුව ප්‍රධාන කාර්යාලය අසලට පැමිණි පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි.

ප්‍රහාරයෙන් අනතුරුව සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය අසලට ප්‍රේක්ෂකයෝ, විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරීහු ඇතුළු දේශපාලඥයින් පිරිසක් ද පැමිණියහ.

සිරස ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට

මාර්.23-සිරස ප්‍රධාන කාර්යාලයට ඊයේ සවස එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසීය

.

ඊයේ සවස 3.45 ට පමණ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය අසලට පැමිණි ‍පිරිසක් එයට ප්‍රහාරයක් එල්ල කළේය.

එහෙත් එහි දී ක්‍රියාත්මක වූ ආයතනයේ සේවක මඩුල්ල විසින් ආත්මාරක්ෂාව සදහා ප්‍රහාරකයන් විසින් එවන ලද ගල් මුල් වලින්ම ඔවුන් වෙත ප්‍රහාර එල්ල කරනු ලැබිණි.

එම ප්‍රහාර හමුවේ පැමිණි පිරිස පලා ගියේය.

කොම්පඤ්ඤවීදිය පොලීසිය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ද

යෙන් පුද්ගලයින් 16 දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.