එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන්කී මූන් මහතා විසින් ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් පත් කළ උපදේශක කමිටුවට එරෙහිව නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඊයේ සංවිධානය කළ උද්ඝෝෂණයට සහභාගී වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව වාර්තාවේ.
ඇමරිකාවේ වේලාවෙන් දහවල් 12.00ට පමණ ආරම්භ කළ උද්ඝෝෂණය දහවල් 1.00ට පමණ අවසන් කිරීමට සිදුව ඇති අතර ඒවන විටත් සහභාගීවී ඇත්තේ 20 කටත් වඩා අඩු පිරිසකි. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට එරෙහිව පැවැත්වූ විරෝධතා සදහා දහස් ගණනින් සහභාගී වු ශ්‍රී ලාංකික ජනතාව මෙම විරෝධතාව සදහා සහභාගී නොවීම කැපී පෙණීනි.
එමෙන්ම මෙම විරෝධතාව සදහාද සහභාගීවූ පිරිස සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කෑම පාර්සලයක් සහ ඇමරිකානු ඩොලර් 100ක මුදලක් ලබාදුන් බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.







0 comments:
Post a Comment