අපේ අනාගත පැතුම ඔබයි
අවංකයි; ජවසම්පන්නයි
‘රට වෙනුවෙන් කලාකරුවෝ’ ජාතික සංවිධානයේ සභාපති සේනක විජේසිංහ
නාමල් රාජපක්ෂ ගේ නිල් බලකාය සමඟ සම්බන්ධ වෙලා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන්න පසුගිය ජනාධිපතිවරණයේදී ‘රට වෙනුවෙන් කලාකරුවෝ’ සංවිධානයේ අපි තීරණය කළා.
ඒ අනුව නාමල් රාජපක්ෂ ඇතුළු අපි සැම දිස්ත්‍රික්ක 19 ක ජනපතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයට එකතු වුණා.
ඒ විදිහට අපි නාමල් සමඟ එකතු වෙලා වැඩ කරන කොට අපි හැමෝම නාමල් රාජපක්ෂ කියන තරුණයා ගෙන් දැක්ක දෙයක් තමයි ජවසම්පන්නකම සහ අවංකකම.
ඒ නිසා අපි හැමෝම ඒකමතිකවම තීරණය කළා නාමල් රාජපක්ෂ මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් අපි ඔහු වෙනුවෙන් කැප වී සහයෝගය ලබා දෙන බවට. ඇත්තටම මම දකින්නේ නාමල් කියන්නේ මහා පුදුමාකාර ඉදිරි දැක්මක් තිබෙන තරුණයෙක්.
ජනාධිපතිතුමාගේ සංකල්ප තුළ සිටම එහි ඉදිරිය ඉතා පැහැදිලිව දකින සැලසුම් කරන දක්ෂයෙක්. ඔහු හම්බන්තොටට පමණක් නෙවෙයි මුළු රටට ම ඉතා වැදගත් මෙහෙවරක් කිරීමට ඉදිරියට පැමිණෙන තරුණයෙක්.






0 comments:
Post a Comment