සරසවිය පුවත්පත ඔවුන් දෙදෙනාගේ ඒ සුන්දර කැදැල්ලට ගොඩවී ඔවුන් සමග කල ප්‍රේමණීය කථාබහකි මේ...
රටත්, ලොවත් ආදරය කරන ප්‍රේමණීය හිනාවෙත්, දෝරේ ගලා යන තාරුණ්‍යයේත්, නිහතමානී සිනහවෙත් උරුමකාරිය වන්නට ඈ පින්වන්තියකි.
ඔහුද මේ නිකැලැල් සිනහවෙත්, අලංකාර පිවිතුරු හදවතේත් උරුමකාරයා වන්නට තරම් භාග්‍යවන්තයෙකි.
අමිල අබේසේකර.
තේජා අබේසේකර (ජයවර්ධන).
අපි ඔවුන්ගේ හිත් මඬලට කතා කරමු. මේ සොඳුරු කැදැල්ලේ මිහිරියාව විඳිමු.
* ඉතින් අමිල කොහොමද අලුත් ජීවිතේ?
මම සුපුරුදු මිතුරා සමඟ කතාවට වැටුනෙමි.
‘ජීවිතේ නම් හරිම ලස්සනයි. මේ දවස්වල ටිකක් විතර නිදහසේ කාලය ගත කරනවා. පහුගිය දවස්වල අපේ විවාහ මංගල්ලයට කාලය කැප කළ නිසා ටිකක් විතර විවේක ගන්නට හිතුවා.
කෝ අලුත් මනමාලි . . . සුපුරුදු අමිලට වඩා මට වුවමනාව තිබුණේ ඈ හමුවීමටය. ඔබට ද එසේමය. අමිල ගැන බොහෝ තොරතුරු දන්නා ඔබත් මමත් දැන් කුතුහලයෙන් පසු වන්නේ ඈ ගැන සෙවීමටය.
‘දැන් එයි’.
ඈ පඩි පෙළ බසිමින් අමිල අසලම ඈඳි ගත්තේ මිත්‍රශීලී නිර්ව්‍යාජ හිනා රැල්ලකින් අප පළිගනිමිනි.
තේජා . . . අමිලවත් අරගෙන මොහොතකට අතීතයට යමු. මුලින්ම මේ සංසාරගත ප්‍රේමය පුරවා ගත් දෙනෙත් එකට මුණ ගැසුණු දිනයේ, ඒ මොහොතේ අපි නවතිමු.
‘එදා හරිම ලස්සන දවසක්. මගේ මිතුරියන් පිරිසක් සමඟ අපි කඳානට ආවා.
ඒ වෙලාවේ අමිලත් ඒ මොහොතට සම්බන්ධ වෙලා හිටියා.
මුලින්ම අපි හිනා වුණා. ඉන් පස්සේ අපි මිතුරන් ලෙසට ඉතාමත් හොඳින් කතා කළා.
ඉන් පස්සේ අපි මේ හඳුනා ගැනීම හරහා බොහෝ කාලයක් මිතුරු මිතුරියන් විදියට ඇසුරු කළා. අමිලට ප්‍රේමවන්තියක්වත්, මට ප්‍රේමවන්තයෙක්වත් හිටියේ නෑ. මෙහෙම කාලයක් ගත වෙද්දී අපි ආදරයෙන් බැඳුණා.
ඇත්තටම අමිල කියන්නේ පුදුමුකාර ගතිගුණ තිබෙන කෙනෙක්. මම ඔහුව හඳුනා ගත්තේ නළුවෙක් විදියට නෙවෙයි.
මගේ හොඳම මිතුරා ලෙසටයි. ඔහු හොඳ සෘජු, නිවැරැදි තීරණ ගන්නා මහත්මා ගුණයෙන් පිරුණු ආදරබර චරිතයක්. ඒ වගේම අමිලගේ නිහතමානී ගති ගුණවලටත් මම ගොඩක් ගරු කරනවා. ඇත්තටම ඔහු මම වෙනුවෙන්ම මෙලොව උපන් කුමාරයෙක්.
හිනා හඬ ගේ පුරා දෝරේ ගලා ගියා. තේජා ගේ නිහතමානී බවත්, මිත්‍රශීලී බවත් නිසාම අප මිතුරන් බවට පත්වන්නට ගත වුණේ බොහොම කෙටි කාලයයි.
අමිල මම ඊළඟට ඔබව අරගෙන යනවා ඒ අතීතයට . . .
‘ඇත්තටම තේජා මට හමු වුණු මුල්ම දවසේ මා සෙවූ ප්‍රේමවන්තිය ඇයමයි කියලා මට හිතුණා. ඇගේ හැඩ රුව, කතා විලාසය, නිහතමානී බව වගේම මිත්‍රශීලී බව මගේ් හදවතේ නැවතුණා. ඒ සියල්ල මා සෙවූ මගේ හිතේ මැවී තිබුණු ප්‍රේමවන්තියට සමාන වුණා.
ඉන් පස්සේ අපි මිතුරන් ලෙසට ළං වුණා. ඉන් පස්සේ ක්‍රමානුකූ®ලව අපි දෙදෙනා ඉතාමත් හොඳින් තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීම හරහා අපි පෙම්වතුන් බවට පත් වුණා. සය වසරක් ගෙවී ගියා. ඒ ප්‍රේමය සුවිසල් තුරු සිරසක් වී අපි හැමදාටම එකම වහළක් යටට පැමිණියා.
සැබැවින්ම එය සතුටුදායක නිමාවක් සහිත අර්ථාන්විත ප්‍රේම කතාවකි. මේ ප්‍රේම කතාවේ තවත් තැන් කිහිපයක්ම කියවා බැලිය යුතුය.
තේජා . . . මේ ප්‍රේමය මුලින්ම ගෙදරට ආරංචි වුණ දවස මතකද?
අම්මෝ ඔව් . . . අමිල පුවත්පතක සාකච්ඡාවකදී මුලින්ම මම ගැන කියලා තිබුණා මට ප්‍රේමවන්තියක් ඉන්නවා. එයාගේ නම තේජා. එයා ගුවන් සේවිකාවක් කියලා. මේ ආරංචිය අපේ තාත්තට කියලා තිබුණේ යාළුවෙක්. ඉන් පස්සේ අම්මයි තාත්තයි දෙන්නම මේ ගැන මගෙන් ඇහුවා. මට ඇත්තම කියන්න සිදු වුණා.
අමිල ජනප්‍රිය තාරුණ්‍යය උතුරා පිටාර ගලන රංගන ශිල්පියෙක්. ඒ නිසා මුලින්ම අපේ ගෙදරින් මේ සබඳතාවයට පොඩි පොඩි විරෝධතා නොතිබුණා නොවෙයි. නමුත් අමිල ළඟින් ඇසුරු කිරීමේදී අපේ තාත්තා, අම්මා වගේම මල්ලියි, නංගිත් අමිලට ගොඩාක් ආදරය කළා. ඒ නිසාම දෙපැත්තේම ආශිර්වාදය මැද අපි ඉතා සතුටු සිතින් එක් වුණා.
තේජා කාර්යය බහුල චරිතයක්. එහෙම නේද අමිල?
ඔව්, ඇය එමිරේට්ස් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක්. ඒ නිසාම ඇය ලංකාවේ ඉන්නේ බොහොම ටික කාලයක් විතරයි. නමුත් අපි ඉතාමත් හොඳ අවබෝධයකින් ජීවත් වන නිසාම ඒ කාර්යය බහුල බව ජීවිතවල මිහිරියාවට ප්‍රශ්නයක් නොවෙයි.
අවබෝධය කොතරම් නම් සුවදායක ඉමිහිරි සිතිවිලි ජනිත කරවනවාද මට සිතේ. ඊළඟට තේජා සමඟ අපි යන්නේ අනාගතය වෙතටයි.
‘අනාගතයේ සපුරා ගන්නට අපට ලොකු ඉලක්ක තිබෙනවා. ඒ නිසා තවදුරටත් රැකියාවේ නිරත වෙන්නට මම තීරණය කළේ දෙදෙනාගේම කැමැත්ත ඇතිවයි. මට හැකි සෑම විටකදීම ලංකාවට එන්නටත්, අමිල සමඟ කාලය ගත කරන්නටත් බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.
අපි නිරතුරුවම බොහෝ දේ ඉතාමත් අවබෝධයෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා අපේ ජීවිතය ගඟක් වගේ ලස්සනට ගලාගෙන යනවා. ඒ ගඟේ වතුර පිරිසුදුයි, සිහිලයි, විනිවිදයි.
අමිල . . . තේජා මේ රටෙන් ඈතට ගිය මොහොතකදී කොහොමද තනිකම දරා ගන්නේ?
ඇත්තට අපි ආදරවන්තයන් වී ගෙවී ගිය හය වසර පුරාවටම ඇය නිරතුරුවම මා ළඟ හිටියා වගේ මට දැනෙනවා. ඒ තරමටම අපි හදවත් වලින් බැඳිලයි ඉන්නේ. ඈ රැකියාව සඳහා විදෙස් ගත වුණත් හැකි හැම වෙලාවෙම ලංකාවට එනවා. ඒ නිසා මට තනිකමක් නොදැනෙන තරමට තේජා මට සමීපයි.
තේජා . . . ඔබ ලංකාවේ නොහිටියත් ඔබ දෙදෙනාගේ මඟුල් ගෙදර හරිම ලස්සනයි.
‘ඒ සියලු ගෞරවය අමිලට හිමි විය යුතුයි. අමිල, ඒ වගේම අපේ සමීපතම යහළුවන් වගේම ගෙවල් දෙකේ අය තමයි මේ කටයුත්තට වෙහෙසුණේ. රූපලාවන්‍ය ශිල්පි ධනංජය බණ්ඩාරත් ඒ කටයුතුවලට ගොඩක් උදව් කළා. මගේ සාරිය පවා මම දැක්කේ ලංකාවට ආපු වෙලාවේ. ඒ තරමටම අමිල අපේ විවාහ උත්සවය සංවිධානය කරලා තිබුණා. අපි දෙදෙනාගේම කැමැත්ත එකම වගේ නිසා අමිල ගත් තීරණ සියල්ලම මගේත් ආසාව වී තිබුණා.
අවසානයේ අපි ඉදිරිය ගැන කතා කරමු.
සතුටින්, සමඟියෙන්, ආදරයෙන් ජීවත්වීම තමයි අපේ ජීවිතවල අරමුණ. ඒ වගේම ජීවිතයේ බලාපොරොත්තු කාටවත් කරදර නොදී ඉටු කර ගන්නටත් අපි වෙහෙසෙනවා. අපි අපිට ආදරේ නිසා මේ ලෝකේ ලස්සනම යුවළ වෙන්නට අපට පුළුවන්.
ගේ පුරාම සතුටු හිනා හඬ වැපිරුණා. ආයෙමත් මල් සුවඳ . . . මේ කැදැල්ල සදාකාලිකව වසා ගන්නා මල් පුසුඹ . . .
![]() | ![]() |








5 comments:
Jaya Siri Mangalam Amila Aiye !
Hemadaama Sathutin , Samadanayen Inna Labewa Kiyala Wish Karanawa !
Amila aiye mama Udesh. Apita aiya kenek wage oya. ape e mathakaya kawadath Nathi wenne neha. e homa mohothakma Hemadama Hithe thiyanawa.Apita godak Upades dunna Dream Star waladi aiya..
Aiyagei , theja akkagei Viwaha Diwiyata Mama Eka sithinma Suba Pathanawa !
Udesh Indula
Amila aiye... Hemadama Oyata Lassana Hithak Thibuna.. Akka HArima Wasanawanthai...
Aiyage Aluth Jeewithayata Hadawathinma Suba pathanawa
Jaya siri mangalam Amila aiye !
you are my favorite actor amila aiya..
i wish u all the best and ur all dreams be successful !
good luck !
Post a Comment