යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් නොමැතිව රදවා තබාගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට ප්‍රජාතන්තවාදී ජාතික සන්ධානය ඊයේ කටයුතු කළේය.
මේ සදහා www.freesarathfonseka.com නමින් වෙබ් අඩවියක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන කාර්යාලයේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා විසින් ඊයේ පෙරවරුවේදී විවෘත කල අතර එහිදී පෙත්සම සදහා පළමු අත්සන අගවිනිසුරුවරයා විසින් තබන ලදී. එමෙන්ම උත්සවයේ ප්‍රධාන දේශණයද අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් සිදුකරන ලදී.
මෙම අවස්ථාව සදහා අනෝමා ෆොන්සේකා මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගීවූහ.
ඡායාරෑප නැරඹීමට මෙතනින් පිවිසෙන්න






0 comments:
Post a Comment