ලංකාවේ ජනගහණයෙන් සෑම 2000කටම එක් අයෙක් මේ අවුරුද්දේ ඩෙංගු රෝගියෙක් වෙලා

25 March 2010 ·

කෝටි දෙකක් පමණ වන ලංකාවේ ජනතාවගෙන් සෑම 2000කටම එක් අයකු පසුගිය මාස තුන ඇතුළත ඩෙංගු රෝගීන් බවට පත්ව ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මාතර දිස්ත‍්‍රික් අපේක්‍ෂක පේ‍්‍රමසිරි මානගේ මහතා පවසයි. සෑම දිනකදීම අලූතින් 100කට වඩා වැඩි පිරිසක් ඩෙංගු රෝගීන් බවට පත් වෙමින් සිටින බවද පැවසූ ඒ මහතා දින දෙකකට අවම වශයෙන් එක් අයකුවත් ඩෙංගු රෝගය නිසා මරණයට පත් වෙන බවද පෙන්වා දුන්නේය. පේ‍්‍රමසිරි මානගේ මහතා මෙම අදහස් පළ කළේ, මාතර පැවති ජනහමුවක් අමතමිනි.


alt
ඩෙංගු රෝගය වසංගතයක් බවට පත්ව මාස ගණනාවක් ගත වී ඇති බවත් ඩෙංගු මදුරුවා මර්දනය කිරීම සඳහා කියුබාවෙන් ඩෙංගු මර්දන බැක්ටීරියාව ගෙන්වීමට තීරණයවීමෙන් පසුවත් තවත් මාස ගණනාවක් ගත වී ඇති බව පැවසූ මාන‍ගේ මහතා, දිනපතා මිනිසුන් මරණයට පත් වෙමින් යද්දී, ඒ ගැන කිසිදු තැකීමක් නොකරන ආණ්ඩුව විරුද්ධ පක්‍ෂය මර්දනය කරමින් ඒකාධිපති බලයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින් සිටින බවද පැවසීය. ඩෙංගු මදුරුවාත්, ආණ්ඩුවත් කරන්නේ ජනතාව මර්දනය කිරීම බව පැවසූ පේ‍්‍රමසිරි මානගේ මහතා ඩෙංගු මදුරුවාගෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ජනතාව බේරා ගැනීමට සිදුව ඇතැයි පැවසීය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.