යුද හමුදා පොලීසිය විසින් ඊයේ රාත්‍රියේදී පැහැර ගැනීමෙන් අනතුරුව මේ දක්වා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දෛනිකව ලබා ගන්නා ඖෂධ ඒ මහතාට ලබා දීම ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේපකර ඇති බව අපට වාර්තාවේ.
සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටියදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශරීරාභ්‍යන්තරයේ සිදුවූ හානි සහ ඉවත් නොකළ මූනිස්සම් කැබලි හේතුකොට ගෙන ඔහුට පැය 6කට වරක් ලබා ගන්නා ඖෂධ වර්ග 7ක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ. යම් හෙයකින් එම ඖෂධ වර්ග ලබා ගැනීම පැය 18ක කාලයකට මග හැරුණ හොත් ජනරාල්වරයාගේ සෞඛ්‍ය තත්වය ඉතා උත්සන්න විය හැකි බව වෛද්‍යවරුන් අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් මෙම ඖෂධ වර්ග ජෙනරාල්වරයාට ලබා දෙන ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ආරක්ෂක අංශවලින් ඉල්ලා ඇතත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබේ. මේ තත්වය මත පැහැර ගැනීමට ලක්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්වය බරපතල අවධානමකට ලක්වීමේ අවධානමක් පවතින බව වෛද්‍යවරු අනතුරු අගවති.






0 comments:
Post a Comment