ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මේ රටේ ජනගහණයෙන් 15.2% ක ප‍්‍රමාණයක් මූලික ආහාර පාන ලබාගැනීමටවත් වියදම් කළ නොහැකි අන්ත දිළින්දෝය.ශ‍්‍රී ලංකාවේ සමස්ත ජනගහණය දෙකෝටි හතලිස් ලක්‍ෂයක් පමණ වෙයි.මෙරට එක් පුද්ගලයකුට මාසයකට අවශය මූලික ආහාර ලබා ගැනීම සඳහා වැයවන අවම වියදම හෙවත් දරිද්‍රතා රේඛාවේ (දිළිඳුකම මණින සීමාව)මට්ටම ඉකුත් ජනවාරි මාසයේදී රුපියල් 3079 ක් ලෙස පැවතියේ යයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොළඹ දිස්ත‍්‍රික්කයේ දරිද්‍රතා මට්ටම ඉකුත් ජනවාරි මාසයේදී රුපියල් 3430 කි. ගම්පහ, මහනුවර, ගාල්ල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවල එය පිළිවෙළින් රු. 3262, රු 3155, රු. 3166 සහ රු. 2968 ක් බවද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කොට තිබේ.






0 comments:
Post a Comment