පසුගිය දිනක තරැණියන්ගේ සිහින කුමරා වන රොෂාන් රණවක පිලිබද ලිපියක් " සරසවිය " පුවත්පතේ පලවී තිබුණී. මේ එම ලිපියයි.
හීන් හඩින් මනමාල හිනා නංවමින් දියපාර ගලායයි. දියවර මත පතිත ළා හිරු කෙඳීති පුංචි දියපාර නේකවිධ චිත්‍රයෙන් සරසයි.
ආරුක්කුවෙන් වර්ණවත් වූ අලුත් තාලයේ මියුරල් දියපහරින් වට පිණිකැටවන් දියවර ජල බේසමට පතිත වන්නේ හඬනංවමිනි.
සිහින කුමරා දියපහරේ නොතෙමී සැඟවුණු බෝල ගලකට වී ගීතයත් ගයයි.
“ඉගිල්ලිලා රෑණ පිටින් රන්
සමනළයෝ
මලින් මලට පියඹලා රොන් බී
යන්නේ
මලේ පෙති සැලේ
මල් නටුවෙ කටු ඇනේ
බලාගෙනයි ඉගිළී යන්නේ “
![]() |
ඩේලියා මල් යාය දිගේ සමනළ රෑණක් නොදන්නා මඟක ඉඟිළී යයි. සමනළයකු මෙන් සුසිනිදු, මෘදු අපේ සිහින කුමරා ගිටාරයේ තත් නදින් දියපහරේ හඬ පරදවයි.
සැමදාටම හදවතින් අව්‍යාජ බොහෝ දේ කතා කරන සිංහල සිනමාවේ නූතන සිහින කුමරුවාගේ දේදුණු මාලිගාවයි මේ.
රොෂාන් රණවන
එන්න අපි අද රොෂාන් රණවනගේ සොඳුරු පිවිතුරු කැදැල්ලට යමු. සිංහල සිනමාව තාරුණ්‍යයේ දෝරේ ගලායන සුවඳීන් සුවඳ කළ රොෂාන් ගේ කැදැල්ලේ නිස්කලංක හෝරාවක් ගෙවමු.
“ මේ දවස්වල මගේ අලුත්ම ගීතයේ කටයුතුවලට තමයි වැඩිපුර කාලය ගතකරන්නේ. මේ ගීතය ඉතාමත් නැවුම් අත්දැකීමක්. මමයි, ස්ටිවන් ක්‍රිෂානුයි තමයි ගීතය ගායනා කරන්නෙ. මේ ගීතය රචනා කළේ නිලාර් එන්. කාසිම්. තනු නිර්මාණය රාජ් කුමාර්.
ඔහු පරිගණකයේ සැරිසරමින් ගීතය සොයයි. මම ගීතය අසන්නට නොනිත් ආශාවෙන් පරිගණකයේ තිරය දෙසට බලා හිඳීමි. කාමරයේ ජනෙල් තිරය ඈත් කරලමින් අනවසර සුළං රැළි අප වෙත එබේ.
‘නීල නෙත්වලින් හොරෙන්
ලවන්තකම් කියා
රන් රුවැත්තියේ
හිනැහිලා කොයි වසන් වුණේ ‘
මම ඔහු සමඟ එක්ව ගීතයේ මිහිරියාව විඳීමි. සැබැව්. සැබෑම සැබෑවකි. ඔහුගේ උද්‍යානයෙන් ගලා බස්නා දියපහර තරමටම ඒ ගීතය ආනන්දනීය සිතුවම් රැසක් මසිතෙහි චිත්‍රනය කරලයි.
කාමරය පුරාවට පිරී ගිය චිත්‍රපට, ගීත ඇල්බම් අතරින් ඔහු නැරැඹු අලුත්ම චිත්‍රපටයේ කොටස් මට ද පෙන්වයි.
“මේ දවස් ටිකේ අලුත්ම චිත්‍රපට නැරැඹුවා. ඒක දැන් දින චර්යාවේ අංගයක් වෙලා. අලුත් චිත්‍රපට, වගේම ගීත ඇල්බම් අහන්න මං කාලයක වෙනකර ගන්නවාමයි. ඒත් එක්කම අන්තර් ජාලයේ සැරිසරමින් මගේ රසිකයන් සමඟ අදහස් ගනුදෙනු කරන්නත් මං අමතක කරන්නෙ නැහැ. ඒත් එක්කම මගේ ගෙදර වත්තෙ අඹගහයටට වෙලා දිය පාරේ හඬ අහන් ඉන්න මං හරිම කැමැතියි.”
සැබැවින්ම ඒ දියපාර ළඟ තිබෙන්නේ සිත නිවී පහන්වන නිස්කලංක බවකි. දිය පාරට යාබදව වැඩ හිඳීන බුදුරුව ළඟ රොෂාන් මඳක් බැති සිතින් නතර වෙයි. කරුණා ගුණය දොරේ ගලන බුදුරුව දෙස බලා හිඳින ඔහු ඊළඟ මොහොතේ පිවිතුරු මල් වට්ටිය බුදුනට පුද දෙයි.
රොෂාන් ප්‍රතිපත්තිගරුක, නිර්මාංශී දැහැමි දිවිපෙවෙතක් ගතකරන තාරුණයේ තිබිය යුතු ගුණවරුණ දෝරේ ගලන තරුවකි.
“මං නිතරම කොළ වර්ග කන්න හරිම කැමතියි. එළවළුවලටත් එහෙම්මයි. මස් මාළුවලින් ලැබෙන සියලුම පෝෂ්‍ය පදාර්ථ කොළවර්ග, පලතුරු වගේම එළවළුවලින් මං ලබා ගන්නවා.
ඊළඟ මොහොතේ රොෂාන් සාලයේ ඈඳී ගනී. ඊළඟට ඔහු තවත් මියුරු ගීතයක් මුමුණන්නේ ගිටාරයේ තත් අපූරුවට පිරිමදිමිනි.
ගීතයේ අවසන අපි පිවිසෙන්නේ අපූරු ආලින්දයටයි. ගස් අතු සෙවණින් සීතල වූ ඒ අපූරු ආලින්දයේ රොෂාන් මව පියා සමඟ සැහැල්ලු කතා බහකය. ඒ රොෂාන්ගේ ආදරණීය මල්ලී චානක ගැනය. චානක ද දැන් මෝස්තර නිරූපණ ශිල්පියෙකි. හැබැවම මේ අම්මාට සහ තාත්තාට දරු දෙදෙනා මහගු සම්පතකි. කතාබහ අතරතුර නැගුණු සෙනෙහෙවන්ත සිනාරැලි ඊට කදිම නිදසුන් සපයයි.
‘මට සුවඳ දැනුනා ජීවිතේ‘ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ රොෂාන්ගේ ආකර්ෂණීය රැගුම් යළි සිහියට නැගේ. තාරුණ්‍යයේ ජවය උපරිම ලෙස එකට කැටි කොටගත් රොෂාන්ගේ සැබෑ ජීවිතය ද සෙලියුලොයිඩ් ජීවිතය මෙන්ම ලස්සනය. අරුත්බරය.
අපි නිදහසේ නැවත මල් උයනට පැමිණියෙමු.
“ මාර්තු දෙවැනි සතියෙ තමයි මගේ අලුත්ම මියුසික් වීඩියෝ එක රිලීස් කරන්න හිතන් ඉන්නේ. ඒ වගේම නෙහාරා පීරිස් එක්ක එකතු වෙලා කරපු අලුත්ම ගීතය ‘ආදර හීන’ ඉදිරියේ දී රසිකයන්ට තිළිණ කරන්නටත් හිතාගෙනයි ඉන්නෙ. චැලෙන්ජර්ස් චිත්‍රපටයේ වැඩ අවසන් වූ වහාම ඒ කටයුත්තට අත තියන්නත් ඕන. ඒකට අනුග්‍රාහකයකුත් අවශ්‍යයි.. රොෂාන් උණ පඳුරට යාබද අපූරු බංකුවේ හිද මා සමඟ කතාබහ කරයි. ශාන් ඒ ඇසිල්ලේ රොෂාන්ගේ නිදහස් දිවිපෙවත සේයාරුවට නංවයි.
බලන්න..... මේ සොඳුරු අරුත්බර දිවියේ චමත්කාර දසුන්....
මේ රොෂාන්ගේ ලස්සන ජීවිතයේ ඡායාරෑප බලන්න







1 comments:
රොෂාන් අයියා දැන් වෙනදටත් වඩා ලස්සනයි
Post a Comment