රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා එල්ල කරමින් ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් රදවා ගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ තවත් ආධාරකරුවකු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කළේය.ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයේදී අත්අඩංගුවට පත් මොහු ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව එහිදි ඔවුන් අධිකරණයට දැන්වීය. එබැවින් සැකකරු නිදහස් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කාර්යාංශයම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ සැකකරු නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝග කළේය.
මේ අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමග එක්ව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කළැයි චෝදනා එල්ලකරමින් අත්අඩංගුව ගත් 23 දෙනාම නිදහස් කර තිබේ. ඔවුන්ගෙන් 8 දෙනෙකු ඊයේ නිදහස් කළ අතර අනෙක් 14 දෙනා මින් පෙර අවස්ථාවකදී නිදහස් කළහ. ඒ කිසිවෙකුටත් එරෙහිව කිසිදු සාක්ෂියක් ගොනු කිරීමට ත්‍රස්ත විමර්ශණ ඒකකය අපොහොසත් විය






0 comments:
Post a Comment