ජෙනරල් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජනතාව වීදි බසී

10 February 2010 ·

මහින්ද රාජපක්ෂ පාලනය විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉතා අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට විරෝධය පා අද දහස් ගණනින් මහ ජනතාව කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරතවූහ.


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ දේශපාලන පක්ෂ විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

විරෝධතාවය ආරම්භ කරන අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩුවේ මැරවරයින් පිරිසක් පැමිණ විරෝධතාකරුවන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේ පොලීසිය සහ කැරලි මර්ධන ඒකකය එම මැරයින්ට ආරක්ෂාව සැපයීම කැපී පෙනිණි. කෙසේ වෙතත් එම ස්ථානයට දහස් ගණන් ජනකායක් පැමිණෙනවාත් සමග මැර පිරිස එම ස්ථානයෙන් පසු බසිනු දක්නට ලැබිණි.

බොරු චෝදනා ඉදිරිපත් කර අත්අඩංගුවට ගෙන ඇති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස උද්ඝෝෂකයින් මෙහිදී ආණ්ඩුවට බල කලහ.

උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරයේ වීඩියෝ දර්ශණ




උද්ඝෝෂණයේ ඡායාරෑප නැරබීමට පිවිසෙන්න

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.