ඊයේ රාත්‍රී 9.00 ට පමණ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාවේ සහ යුද හමුදා පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සමඟ සුහද සාකච්ඡාව නිරත වෙමින් සිටියදීය. අත්අඩංගුවට ගැනීමට ලැමිණි කණ්ඩාමට අණ දී ඇත්තේ බ්‍රිගේඩියර් මානවඩු නම් නිලධාරියෙක් බව සදහන් වේ.
සාකච්ඡාව සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහභාගී වී ඇත. අද පස්වරුවේ සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව මොවන් මෙලෙස සුහද සාකච්ඡාවක නිරතවී තිබේ.
ජෙනරල් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඒ මහතාට පහර දී ඇතිබවත් එතුමාගේ ලේඛම් සේනක මහතාද පරහකෑමට ලක්වී ඇතිබවත් පසුව එතුමා රහස් පොලීසියට භාරදී ඇති බවත් වාර්ථාවේ. තත්වය මෙසේ තිබියදී උද්ගත වී ඇති තත්වය පිලිබද සාකඡ්ඡා කිරීමට ෆොන්සේකා මහතාට සහය දුන් පක්ෂ අද පෙරවරැ 10.00 ට විශේෂ රැස්වීමක් කැදවා ඇති බවත් සදහන්වේ.
ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ජනාධිපතිවරයාද ලංකාවේ නොමැති අතර මානව හිමිකම් පිළිබද ඇමති මහින්ද සමරසිංහ මහතාද හෙට ජිනීවා හීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දේශණයක් කිරීමට ගියමිතව සිටීමද විශේෂත්වයකි.






0 comments:
Post a Comment