නැවතත් ජනපති මහින්ද රාජපක්ෂ

27 January 2010 ·

ආයුබෝ වේවා ! ... මහ රජාණෙනි !..


ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ප්‍රතිඵලය වාර්තා කරමින් සයවැනි ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ඊයේ (27) හිමිකර ගත්තේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිවාදී අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට වඩා වැඩි ඡන්ද දහඅට ලක්ෂ හතළිස් දෙදාස් හත්සිය හතළිස් නවයක් (18,42,749ක්) ලබා ගත්තේය.

ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්දවලින් හැටලක්ෂ පහළොස් දහස් නවසිය තිස් හතරක් (60,15,934ක්) හෙවත් 57.88%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවේ සයවැනි ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් ඊයේ (27) සවස නිල වශයෙන් නිවේදනය කරන ලදී.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඡන්ද හතළිස් එක් ලක්ෂ හැත්තෑතුන් දහස් එකසිය අසූ පහක් (41, 73,185ක්) හෙවත් 40.15ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්තේය. අනෙකුත් සියලු අපේක්ෂකයන්ට හිමි කර ගත හැකි වූයේ ඡන්ද දෙලක්ෂ හාරදහස් අනූ හතරක් (2,0 4484ක්) හෙවත් 1.97%ක ඡන්ද ප්‍රතිශතයකි.

ජනාධිපතිවරණය පෙරේදා (26) පෙ.ව. 7.00 සිට ප.ව. 4.00 දක්වා රටපුරා මධ්‍යස්ථාන 11,098කදී පැවැත්විණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් (22) දහසයක් (16) විශිෂ්ට ලෙස ජයග්‍රහණය කෙළේය.. සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ඡන්ද බල ප්‍රදේශ අසූවකට වැඩි ගණනක් ජය ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වූ අතර සියයට 50ත් 60ත් අතර ප්‍රතිශතයක් ලබා ගනිමින් ජය ලැබූ ඡන්දබල ප්‍රදේශ ගණන 32ක් විය.

මැතිවරණ, කොමසාරිස්වරයා ඊයේ පස්වරුවේ මැතිවරණ මහලේකම් කාර්යලයේදී ජනාධිපතිවරයා ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.
විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා හැර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ද මැති ඇමැතිවරුන් රැසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

1 comments:

Anonymous said...
January 28, 2010 1:20 AM  

mahinda is a Excelent Leader for the peoples

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.