තාරැන්‍යට හෙටක් හොරකමට පොටක් - සුනිල් හදුන්නැත්ති පවසයි

17 December 2009 ·

ජනාධිපතිතුමාගේ පුතාගේ තාරුණ්‍යට හෙටක් දැන් "තාත්තට හෙටක් - හෙරකමට පොටක්" වෙලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ TNL නාලිකාවේ පැවැති "ජනහඬ" සජීවී දේශපාලන සංවාදයේදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය. පසුගිය දිනවල මේ රටේ කලාකරුවන් යොදවාගෙන දැන්වීමක් නිර්මාණය කළා.

මේ වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් වෙලා තියෙනවද? සාමාන්‍යයෙන් වෙළඳ දැන්වීමක් ප්‍රවෘත්ති විකාශය අතර තුරදී විකාශය කරන්න තත්පර 40 කට අවම වශයෙන් එක්ලක්ෂ හතලිස්දාහක් වියදම් වෙනවා. ඒ දැන්වීම හැම මාධ්‍යයකම විකාශය වෙනවා. රාජ්‍ය මාධ්‍යවල විතරක් නෙමෙයි පෞද්ගලික මාධ්‍යවලත් මේව විකාශය වෙනවා. ඒකට එපමණ මුදලක් කොහෙන්ද වෙන් කරලා ‍තියෙන්නේ? අපි දන්නවා මේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට එපමණ මුදලක් එකතු වෙලා නැහැ.

එහෙනම් මෙපමණ මුදලක් කොහෙන්ද වියදම් කරන්න. අපි දන්න තරමින් ස්වේච්ඡා සංවිධානයකට මෙපමණ මුදලක් වැය කරන්න පුළුවන් කමක් නැහැ. අපි දන්න තොරතුරු අනුව සමහර කලාකරුවන්ට ලක්ෂ 1 ½ වියදම් කරල තියෙනවා." යනුවෙන් පැවසීය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.