ඩලස් බාල්දිය පෙරලගනී

21 December 2009 ·

එක්සත් ජනතා නිදහස් සන්ධානය අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ජනපතිවරණ නාම යෝජනා භාරගන්නා අවස්ථාවේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමරිකානු පුරවැසියකු බවට මතුකළ විරෝධය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ දැඩි අපහසුතාවයකට ලක්විය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අලහප්පෙරුම අමාත්‍යවරයා, "අපේ රටේ කිසිදු පුරවැසියෙක් කැමති වෙන්නේ නැහැ රටේ ජනාධිපතිවයා ලෙස ඇමරිකානු පුරවැසියෙක් පත්කරන්න. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මට පෙර රට කියන්නේ මට පෙර ඇමරිකාව කියලා. අද ර‍ටේ ජනතාව කැමති ආදරය, කරුණාව, සංවර්ධනය ගැන කතා කරන චරිතය තුළ එවැනි ලක්ෂණ තිබෙන නායකයකුට. එහෙම නැතිව යුද තත්වයෙන් මිදුණු රටක යුදමය ලක්ෂණ තියන නායකයෙකුට ජනතාව කැමති නැහැ." යැයි පැවසුවේය.

ඩලස් අලහප්පෙරුම මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියකු සරත් ෆොන්සේකා මහතාට ඇමරිකන් පුරවැසියකු යැයි චෝදනා කරන ආණ්ඩුව තුළත් ප‍්‍රබල වගකීම් දරන ඇමරිකන් පුරවැසියන් සිටින බව පෙන්වාදුන්නේය.

මාධ්‍යවේදීන් - ඔබතුමාත් ඇමරිකන් පුරවැසියෙක්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්‍ෂ මහතාත් ඇමරිකන් පුරවැසියන් නේද?

ඩලස් අලහප්පෙරුම මහතා - ඔය හදන්නේ ප‍්‍රශ්නය වෙන පැත්තකට හරවලා වැරැදි තේරුමක් දෙන්න.

අපි නොවෙයි ෆොන්සේකා මහතාට ඇමරිකන් පුරවැසියා කිව්වේ. ඒක කිව්වේ සරත් කෝන්ගහගේ මහතා. අපි කිව්වෙ එය එසේ නම් ඔහු ජනාධිපතිකමට සුදුසු නැහැ කියලා විතරයි.

මාධ්‍යවේදීන් - ඔබට ඇමරිකන් පුරවැසිකම තිබෙනවාද?

ඩලස් අලහප්පෙරුම මහතා - නැහැ. ඔබට අවශ්‍ය නම් මම මගේ ගමන් බලපත‍්‍රය ගෙනැල්ලා පෙන්වන්නම්, ප‍්‍රශ්නය අවුල් කරන්න හදන්න එපා. මාධ්‍යවේදීන් - ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ බැසිල් රාජපක්‍ෂ මහතා ඇමරිකන් පුරවැසියෝ ද?

ඩලස් අලහප්පෙරුම මහතා - මම ඒක දන්නේ නැහැ.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.