ධර්මය

05 July 2009 ·



" උතුම්ම දානය ධර්ම දානයයි"


අද උතුම් ඇසල පුර පසොලොස්වක පොහොයයි.


ඔබ දන්නවාද ?
ඇයි අපට ඇසල පොහොය වැදගත් ?


* . සම්බුද්ධ පරිණිර්වාණයෙන් දෙවසරකට පසු මහා කාශ්‍යප මහරතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා ප්‍රථම ධර්මසංඝායනාව සදහා කටයුතු සංවිධානය කිරීම.
* . සිදුහත් බෝසතානන් වහන්සේ තුසිත දිව්‍යලෝකයෙන් මිදි මව්කුස තුල පිලිසිද ගැනීම.
* . අභිනිශ්ක්‍රමණය සිදුවිම.
* . රාහුල කුමර උප්පත්තිය.
* . පස්වග මහණුන් උදෙසා ප්‍රථම ධර්ම දේශණාව පැවැත්වීම.
* . සියම් දේශයෙන් නැවතත් ශ්‍රී ලංකාවට උපසම්පදාව ලැබීම.
* . මහනුවර දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය ආරම්භ වීම .


යන මෙම කටයුතු සිද්ධ වූයේ අද වැනි උතුම් දිනයකය.

සර්ප උපමාව අනුව ධර්මය උගනිමු.

" සෙය්‍යාථාපි භික්ඛවේ පුරිසෝ අලගද්දත්ථකො අලගද්දවෙසී අලගද්ද පරියේසනං චරමානෝ. සෝ පස්සෙය්‍ය මහන්තං අලගද්දං තමේනං භෝගේවා නංගුට්ඨෙවා ගණේහෙය්‍ය , තස්ස සෝ අලගද්දෝ පටිපරිවත්තිතිවා හත්ථෙ වා අඤ්ඤතරස්මිංවා අංගපච්චංගේ ඩසෙය්‍ය . සෝ තතෝ නිදානං මරණං වා නිගච්ජෙය්‍ය මරණමත්තං වා දුක්ඛං . තං කිස්ස හේතු දුග්ගහීතත්තා භික්ඛවෙ අලගදද්ස්ස . ඒව මේව බෝ භික්ඛවෙ ඉධේකච්චේ මෝඝ පුරිසා ධම්මං පරියාපුණන්ති . සුත්තං ගෙය්‍යං ව්‍යොකරනං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබිභූත ධම්මං වේදල්ලං . තේ තං පරියාපුණිත්වා තේසං ධම්මානං පඤ්ඤාය අත්ථං න උපපරිඛන්ති. තේසං තේ ධම්මා පඤ්ඤාය අත්ථං අනුපරික්ඛතං න නිජ්ජානං ඛමන්ති. තේ උපාරම්භානිසංසා චෙව ධම්මං පරියාපුණන්ති තඤ්චස්ස අත්ථං නානුහොන්ති. තේසං තේ ධම්මා දුග්ගහීතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති තං කිස්සහේතු දුග්ගහී තත්තා භික්ඛවෙ ධම්මානං . "

මහණෙනි -


සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇත්තා වූ සර්පයන් සොයන්නා වූ සර්පයන් සෙවීමෙහි යෙදුනා වූ පුරැෂයෙක් වෙයි ද ? ඔහු මහත් සර්පයෙක් දැක කදින් හෝ වලිගය ‍ෙකලවරින් අල්ලා ගන්නේය . එවිට එම සර්පයා එම ආපසුහැරී අත හෝ ශරීරයේ වෙනත් අවයවයකට දෂ්ඨ කරන්නේය. ඒ හේතුවෙන් ඔහු මරණයට හෝ මරණය සමාන දුකකට පැමිණේ. ඒ කුමක් නිසාද යත් සර්පයා වරදවා අල්වාගන්නා ලද බැවිනි. එපරිද්දෙන්ම මහණෙනි , මේ සස්නෙහි ඇතැම් හිස් පුර්ෂයෝ සූත්‍ර ගෙය්‍යාදී නවාංග ශාස්තෘ ශාසනය ( තථාගත ධර්මය ) හදාරත්. එහෙත් ඒ ප්‍රගුණකරන ධර්මයේ අර්ථ , නුවණින් පරීක්ෂා නොකරත්. නුවණින් පරීක්ෂා නොකිරීම නිසා ඔවුන්ට ධර්ම අර්ථ නිසිපරිදි නොවැටහෙත්. අනුන් විවේචනය කිරීම පිණිස , වාදයෙන් මිදීම පිණිස ධර්මය හදාරත්. දුකින් මිදීම පිණිස ධර්මය නොම උගතිම්. වරදවාගත් එම ධර්මය ඔවුනට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතී. ඒ කුමක් නිසාද යත් මහණෙනි ධර්මය වරදවා උගත් බැවිනි.

( මජ්ජ්ම නිකාය - මුල පණ්ණාසකය - ඔපම්ම වග්ගය - අලග්ද්දූපම සූත්‍රය )

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.